මහින්ද රාජපක්ෂ විදුහලේ නම වෙනස්කිරීම වැළැක්වූ විදුහල්පතිවරයාට වැන්දා කියා ගුරුවරු පහරදී සිසුන් දෙදෙනෙකු රෝහලේ
හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ නම වෙනස් කිරීම හා එම විදුහල මේදක්වා සවස 3 දක්වා පවත්වායාමේ අමුතුවිදිය අලූත් අධ්‍යාපන ඇමතිවරයා විසින් වෙනස්කිරීමට ලක්කිරීම පසුගියදා විවාදයට තුඩු දුන්නා. නමුත් එහි විදුහල්පතිවරයා අමාත්‍යංශ නිලධාරීන් හමුවී සාකච්ඡාකර එම වෙනස්කම් නොකරන බවට සහතික කරගෙන තිබුණා.
මෙම නව තීරණය එම විදුහලේ එක්තරා ගුරු පිරිසකට නොරිස්සුම් සහගතවී ඇති අතර ඒ තීරණ දැනුම්දීමේ රැස්වීමකින් අනතුරුව ඊයේ එම විදුහලේ කලබලකාරී තත්වයක් හටගෙන තිබෙනවා.
කැරළිකාර ගුරුවරුන් පිරිස
හා විදුහල්පතිවරයා අතර ඇතිවූ මතගැටුමකින් පසුව විදුහල්පතිවරයා මඳ වේලාවකට විදුහලෙන් පිටව යන අවස්ථාවේ ඔහුට වැඳ නමස්කාර කරන්නට ඉදිරියට දිවගිය සිසුන් 5 දෙනකුට කැරළිකාර ගුරුවරුන් පහර දී ඇති බවද වාර්තා වුණා.
මෙම පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් පස්දෙනා ඒ සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට පැමිණිලි කර ඇති අතර සිසුන්ගෙන් දෙදෙනකු ප‍්‍රතිකාර සඳහා හෝමාගම රෝහලටද ඇතුළත් වී ඇත.
පාසලේ පවත්වාගෙන ආ අමතර කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නවත්වන බවටත්, පාසලේ නම වෙනස් කරන බවටත් පැතිර ගිය කටකතා නිසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ ලිපියක් පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් ඊයේ කැඳවා තිබුණි. පාසල් සංවර්ධන සමිතිය විසින් දෙමාපියන් කැඳවා තිබුණි.
මෙහිදී පාසලේ නම වෙනස් නොකරන බව විෂය බාහිර ක‍්‍රියාකාරකම්වලට කිසිදු බලපෑමක් සිදුනොකරන බවටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහලට දන්වා ඇතැයි විදුහල්පති විසින් දෙමාපියන්ට එහිදී දන්වන ලදී.
මෙහිදී මෙම රැස්වීම අවසානයේ ගුරුවරුන් පිරිසක්, හා විදුහල්පතිවරයා අතර මත ගැටුමක් ඇතිවී ඇත.
මෙම සිද්ධිය පිළිබඳව පාසල් සංවර්ධන සමිතියේ ලේකම් චාමින්ද අබේගුණසේකර මහතා මෙසේ කියා සිටියේය.
පාසලේ පවත්වාගෙන ආ ක‍්‍රමවේදයක් තියෙනවා. පාසල සවස 3.30 වෙනකම් පැවතුණා. සිසු සිසුවියන් සිකුරාදා දිනයේ ජාතික ඇඳුම ඇන්ඳේ. ඒ වගේම පෝය දිනයේ සීල ව්‍යාපාරයක් තිබුණා. මේ ක්‍්‍රමවේදය වෙනස් නොකරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා අපිට ලිඛිත පොරොන්දුවක් දුන්නා. විදුහල්පතිවරයා එය දෙමාපියන්ට ප‍්‍රකාශකරන අවස්ථාවේ ශාලාව පිටුපස සිටි ගුරුවරුන් පිරිසක් ඊට දැඩි ලෙස විරෝධය දැක්වූවා. පසුව දෙමාපියන් විසිර ගියා. ගුරුවරු සහ විදුහල්පතිවරයා සමග කථාබහක් ඇතිවුණා. පැයකට පමණ පසුව අපට ආරංචි වුණා
විදුහල්පති නික්ම යනවා කියලා. විදුහල්පතිවරයා දැඩි පීඩනයකින් හිටියේ. හඬා වැටෙමින් ගමන් ගත් ඔහු පිටුපස සිසුන් දහසක් පමණ දිවගියා. මේ විදුහලේ ගුරුවරුන් 10 ක් පමණ විදුහලේ කටයුතු කඩාකප්පල් කරන්න කටයුතු කරනවා.
යැයි පැවසීය.
හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.
පහත පළවන්නේ එම විදුහලේ ඡායාරූප කිහිපයකි.