වෙලේ සුදාගේ ප‍්‍රකාශ නිසා මන්ත‍්‍රී දුමින්දගේ බැංකු 12ක ගිණුම් පරීක්ෂාවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා සහ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අතර මුදල් ගනුදෙනු සිදුවී තිබේද යන්න සොයා බැලීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීම යටතේ ඊයේ (29දා* දිනයේදී බැංකු 12 ක ගිණුම් පරීක්ෂා කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම පරීක්ෂා කිරීම යටතේ වෙලේ සුදා නොහොත් සමන්ත
 කුමාර නමින් හා ඔහු භාවිත කර තිබෙනා මානගොඩ සමන්ත ප‍්‍රදීප් හා සුනිමල් සංජීව නමින් පවත්වාගෙන යන ගිණුම් හා වෙලේ සුදාගේ බිරිඳ වන ගයනි සුදර්ශී නමින් ගිණුම් පවත්වාගෙන යනවාද යන්න පරීක්ෂා කරන බවද පවසා  සිටියේය.
කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත මෙම පුද්ගලයන් සතුව බැංකු ගිණුම්  තිබේද යන්න සහ එලෙස තිබෙනා ගිණුම්වල කොතරම් මුදලක් තිබේද යන්න පරීක්ෂා කිරීම් කටයුතු සිදුකරන බවත්, මේ අනුව වානිජ බැංකු
34ක සහ මූල්‍ය ආයතන 48ක පවතින ගිණුම් පරීක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම පරීක්ෂා කිරීම් යටතේ ඊයේ (29දා* දිනයේදී බැංකු 12 ක ගිණුම් පරීක්ෂා කළ බවත්, ගිණුම් පරීක්ෂා කිරීම අවසන් වූ පසු එම ආයතන 82 තුළ ගිණුම් පවත්වාගෙන ගොස් තිබුණහොත් ඒ පිළිබඳව රටට තොරතුරු හෙළිකරන බවද පවසා සිටියේය.
වෙලේ සුදා විසින්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා සමග මුදල් ගනුදෙනු කළ බවට සිදුකළ අනාවරණය කිරීමකට අනුව වෙලේ සුදා විසින් උපයාගත් මුදල් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට ලබාදී තිබේද යන්න සොයාබැලීමට මෙම පරීක්ෂා කිරීම්වලින් සිදුකරන බවත්, එවැනි පරීක්ෂා කිරීම්වලට අනුව මුදල් ගනුදෙනු සිදුවී තිබුණහොත්  මන්ත‍්‍රීවරයාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
( ඉන්දික හේවාවිතාරණ *

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්