ඕන දෙයක් කරලදෙන්නම් මාව අයින් කරන්න එපැයි මොහාන් පීරිස් කිව්වා - රාජිත

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය වැඩභාරගත් පෙරේදා උදේ තම තනතුර අහිමිවීයාම ගැන බියෙන් සිටි 44 වැනි අගවිනිසුරු මොහාන් පීරිස් ජනපති මෛත‍්‍රිපාල සිරිසේන දුරකථනයෙන් අමතා තමා
ඉවත් නොකරන ලෙසත්  ඕනෑම තීන්දුවක් රජයට අවශ්‍ය පරිදි ඉදිරියේදී ලබාදෙන බවටත්
වාචිකව පොරොන්දුවක් දෙමින් කතා කළ බව ඇමති රාජිත සේනාරත්න ඊයේ මාධ්‍ය හමුවකදී කියා සිටියා.
නමුත් යහ පාලනය සඳහා එවැනි පක්ෂපාතීකම් පිළිගන්නට ජනපති මෛත‍්‍රිපාලට උවමනාවක් නොතිබුණ බවද මේ කරුණ කියන්නේ ඒ නිසා බවද ඇමතිවරයා කියා සිටියා.
මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත්කිරීම නිසි පරිදි සිදුව නැති නිසා ඔහුගේ පත්වීම ගැන රජයට කිසිවක් කළ නොහැකි බවද ඔහු පැවසුවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි