ජනපතිගේ රැස්වීමට ලංගම යොදාගෙන - පාඩුව ලක්ෂ තුනයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පොලොන්නරුවේ පැවැති රැස්වීමක් සඳහා දඹුල්ල බස් ඩිපෝවේ බස් රථ 20 ක් පොලොන්නරුවට යැවීම හේතුවෙන් ඊයේ (25දා)

දඹුල්ල ඩිපෝවට රුපියල් ලක්ෂ තුනක පාඩුවක් සිදුව ඇතැයිද එම මුදල ඩිපෝ අධිකාරිවරයාගෙන් පෞද්ගලිකව අය කළ යුතු බවද දඹුල්ල මහනගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා පැවසීය.

ජනාධිපතිවරයා හෝ රජයේ කිසිදු අයකුගේ ඉල්ලීමකින් තොරව මෙම බස්රථ  පොලොන්රුවට යවා ඇත්තේ රට තුළ පවතින යහපාලනයට ජනතා අප‍්‍රසාදය එකතු කිරීමට බව හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (26දා)  දින දඹුල්ල ඩිපෝවට ගොස් සිසිර ඒකනායක හමුවී මේ පිළිබඳව විමසීමේදී ඩිපෝ කළමනාකාර සිසිර ඒකනායක මහතා කියා සිටියේ රජරට බස් සමාගමේ කළමාකාරු මර්වින් ප‍්‍රනාන්දු මහතාගේ දැනුමදීම මත තමන් බස් රථ යැවූ බවයි. ඊයේ දිනයේ එසේ යැවූ බස් රථ කිහිපයකම ආදායම රු. 400/- ට අඩුවීම ද විශේෂත්වයකි.

( එස් කරුණාරත්න)

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්