දෙහිවල යලිත් අලි සෙල්ලම්
වසරකට ආසන්න කාලයක් නවතා දමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලි සංදර්ශනය පෙබරවාරි මස අග සතියේදී පමණ නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි සත්වෝද්‍යාන බලධාරීහු සඳහන් කරති.
සත්වෝද්‍යාන ඇත් පන්තියට ක්ෂය රෝගය වැලඳී ඇතැයි අනාවරණය වීම නිසා පසුගිය වසරේදී අලි සංදර්ශනය නවතා දැමීමට උද්‍යාන බලධාරීහු පියවර ගත්හ. ක්ෂය රෝගය වැලඳී ඇතැයි හෙළිවූ අලි ඇතුන් පස් දෙනකුව වෙන් කර තබා මේ වන විට මාස නවයක පමණ කාලයක් ප‍්‍රතිකාර ලබා දී තිබේ.
ක්ෂය රෝගය වැලඳුණු අලි ඇතුන්ව සංදර්ශන සඳහා වෙහෙස කරවීම හිංසාකාරී ක‍්‍රියාවක් වීම නිසා සහ එම සතුන්ගෙන් නරඹන්නන්ට ක්ෂය රෝගය වැලඳීමේ ඉඩකඩත් තිබිම හේතුවෙන් උද්‍යාන පශු වෛද්‍ය නිර්දේශය මත පසුගිය වසරේදී අලි සංදර්ශනය නවතා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ.
වසර හැත්තෑ පහක පමණ කාලයක් අඛණ්ඩව සිදු කරන ලද අලි සංදර්ශනය සත්වෝද්‍යාන නරඹන්නන් සහ ළමුන් අතර ජනප‍්‍රියතම අංගය බවට පත්ව තිබූ බව උද්‍යාන සේවකයෝ පවසති.
කරුණු එසේ වුවත් රෝගී වූ අලි ඇතුන් නැවත සංදර්ශන කටයුතු සඳහා යොදාගත යුත්තේ එම සතුන්ගෙන් ක්ෂය රෝග කාරක විෂබිජ තුරන්වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව බව උද්‍යාන පශු වෛද්‍යවරු ප‍්‍රකාශ කරති.
සපුමල් ජයසේන