අනුර සේනානායක - පූජිත් ජයසුන්දර - ලලිත් ජයසිංහ විශේෂ පොලිස් මාරුවීම් කිහිපයක්

මහජන සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතිය මත වහාම ක‍්‍රීයාත්මක වන පරිදි
සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට මාරුවීම් සිදු කර ඇත.
ඒ අය අතර පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ වඩාත් කථාබහට ලක්වූ උසස් පොලිස් නිලධාරීන්ද වෙයි.
ස්ථාන මාරුවීම් සිදුව ඇති අයගේ ලැයිස්තුව පහත පරිදිය.
01’ අනුර සේනානායක මහතා
බස්නාහිර පළාත සිට
පොලිස් මූලස්ථානයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙස’

02’ පූජිත් ජයසුන්දර මහතා
උතුරු පළාත සිට බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස’
03’ ලලිත් ජයසිංහ මහතා
සබරගමුව පළාත සිට උතුරු පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස’
නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු පත්කරනතුරු පහත පරිදි වැඩ බැලිම් සිදුරනු ඇත’
01’ නන්දන මුණසිංහ මහතා
නැගෙනහිර පළාතට අමතරව ඌව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරණු ඇත’
02’ සී’ඞී’වික‍්‍රමරත්න මහතා
දකුණු පළාතට අමතරව සබරගමුව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරණු ඇත’
ඉහත මාරුවීම්වලට අමතරව යාපනය දිස්ත‍්‍රීක් භාර නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා පොලිස් මූලස්ථාානයේ විශේෂ රාජකාරි සදහා කැඳවා ඇත’

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි