ශිරන්තිගේ සොයුරා වෙනුවට ශ‍්‍රී ලංකන් නව සභාපති අජිත් ඩයස්

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති ශිරන්ති ආර්යාවගේ සොයුරා වින‍්‍රමසිංහ මහතා වෙනුවට නව සභාපතිවරයා ලෙස අජිත් ඩයස් මහතා වැඩ භාරගැනීම ඊයේ (26දා* කොළඹ පිහිටි ශ‍්‍රී ලංකන් ගුවන් සේවා සමාගම් කාර්යාලයේදී සිදුවිය.

රෙදිපිළි කර්මාන්තයේ ප‍්‍රකට චරිතයක් ලෙස සැලකෙන ඩයස් මහතා බ‍්‍රැන්ඩික්ස් සමාගමේ සම ආදිකර්තෘවරයෙකු වෙයි. එමෙන්ම බැරිස්ටා ශ‍්‍රී ලංකා සහ ජුවෙලෙක්ස් ටෙ‍්‍රඩින් හි සභාපතිවරයාද වෙයි.

අජිත් ඩයස් මහතා වැඩභාරගන්නා අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
වික‍්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ ශ‍්‍රී ලන්කන් සමාගම අධික පාඩු ලැබීය.

( ෂමිල පෙරේරා *

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි