දලදා මැදුර ඉදිරිපිට මාර්ගය විවෘත කරන්න මල්වතු හිමි ඉල්ලලා
ශ‍්‍රී දළදා මැදුර ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගය වාහන ගමනා ගමනය සඳහා විවෘත කළ යුතුය යන්න තමන් වහන්සේගේ ස්ථාවරය බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ
සුමංගල මහනාහිමියෝ පවසති. මෙම මාර්ගය මහජන අවශ්‍යතාවට කන්දී විවෘත කිරීම මඟින් දළදා වහන්සේට අගෞරවයක් නොවන බවද උන්වහන්සේ කීහ.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති වසන්ත අළුවිහාරේ මහතා මල්වතු මහ විහාරයට ගොස් මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළහ. දළදා මැදුර ඉදිරිපිට මාර්ගය වසා දැමීමට මූලිකවූ ඇතැම් අය අද මෙම මාර්ගය විවෘත කිරීමට විරුද්ධ වන්නේ එමගින් ඔවුනට අගෞරවයක් වේ යැයි සිතා වන්නට පුළුන් යැයිද මහනාහිමියෝ පැවසූහ.
මහා කරුණා ගුණයෙන් යුතු බුදුන්වහන්සේ කිසිවකුට හෝ කරදරයක් හිරිහැරයක් වන්නේ නම් එම ස්ථානයට වැඩම කර ප‍්‍රශ්න නිරාකරණය කළ බවත් අද බුදුන් වහන්සේ වැඩ වාසය කරන්නේ නම් උන්වහන්සේද මහජන හිතසුව පිණිස මෙම මාර්ගය විවෘත කිරීමට අවසර දෙනු ඇති බවත් මහනායක ස්වාමින්ද්‍රයන් වහනසේ කීහ.
මෙම මාර්ගය වසා දැමීමෙන් පසු අදාළ තීරණය පිළිබඳව තමන්වහනසේට දැනුම් දුන් බවත් වැව රවුම මාර්ගය දුරින් වැඩි නිසා ගිලන් රථවලින් රෝගීන් මහනුවර මහ රෝහලට ගෙනඑද්දී රෝගීන් මියගිය අවස්ථාද වාර්තාවන බවත් උන්වහනසේ පැවැසූහ. මෙම මාර්ගය වසා දමා විකල්ප මාර්ගයක් සකස් කරන බවට දුන් පොරොන්දු මෙතෙක් ඉටුවී නොමැති බවත් බහුතර ජනතා කැමැත්ත දළදා මැදුර ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම බවත් පැවසූ මහනාහිමියෝ මෙමඟින් නරගයට යහපතක් වනු ඇතැයිද කීහ.