ඇමැති ෆයිසර් මුස්තාපා කලකිරෙයි ඉල්ලා අස්වෙන බව කියයි
සිවිල් ගුවන් සේවා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඔහුගේ අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන ගැසට් කිරීමෙන් පසුව ඒවා නැවත පවරාගැනීම නිසා ඔහු මෙසේ සිය අමාත්‍යධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතට ශ‍්‍රී ලංකන් ආයතනය, මිහින් ලංකා ගුවන් සමාගම, ගුවන්තොටුපළ හා ගුවන්තොටුපල සේවා සමාගම හා ගුවන් පර්යේෂණ ආයතනය ඇතුළත් විය.
මෙම ආයතන අතරින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සහ තවත් ආයතනයක් ඔහුගෙන් ඉවත් කිරීම නිසා ඔහු කළකිරීමට පත්ව සිටින බව වාර්තාවේ.
ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයාගෙන් ඉවත් කර ඇති ආයතන දෙක අර්ජුන රණතුංග ඇමැතිවරයාගේ විෂය පථයට ඇතුළත් කර තිබෙන බවද ආරංචි මාර්ග පවසයි.
මේ නිසා ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා අඟහරුවාදා දහවල් අමාත්‍යාංශයෙන් පිටත්ව ගොස් ඇත. ඔහු සමග ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත්ව ගොස් තිබේ. ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට වාහන සහ අනෙක් බඩු බාහිරාදිය භාර දී පිටත්ව යන ලෙසටද ඇමැතිවරයා උපදෙස් දී තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක විය. ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ද දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වීය.