දෝහා කතරේ සෆාරි යද්දී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවිකාව අනතුරකින් මියයයි


ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලේ ගුවන් සෙවිකාවක ඊයේ සිකුරාදා සවස දෝහා කටාර් රාජ්‍යයේ විවේකයේ සිටියදී පිරිසක් සමග විනෝදවීමට දෝහා කාන්තාරයේ සෆාරි ගමනක් යන අතර අනතුරට ලක්වී මියගොස් තිබෙනවා.
ඔවුන් ගමන් කර ඇත්තේ ජීප් රථයක වන අතර එහි සිද්ධිය අවස්ථාවේ
6 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

අනතුරින් තවත් ගුවන් සේවිකාවකත් ශ‍්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයේ පිරිමින් දෙදෙනෙකුත් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවද වාර්තා වුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අමේන්ද්‍රා ඩි කුවේ නමැති රද්දොලූව ප‍්‍රදේශයේ පදිංචි කාරියකි.
සිද්ධිය වන අවස්ථාවේ ඇය සමග ඇගේ පෙම්වතා වන ගුවන්යානා කාර්ය මණ්ඩලයේ හිලරි පෙරේරාද ගමන් කර තිබුණ අතර සිද්ධිය නිසා ඔහුද තුවාල ලැබුවා.

මේ අතර සිද්ධියෙන් තුවාල ලද අනෙක් ගුවන් සේවිකාව නියෝමි අලූත්ගමගේය ඇය මීට මාස කිහිපයකට පෙර හෝකන්දර ප‍්‍රදේශයේදී කඩා වැටුණ ඇන්ටනොව් යානයේ මියගිය ගුවන් නියමු වසන්තගේ වැන්දඹු බිරියයි.
ඇය හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේගේ ඥාති දියණියක වන බවද ඒ දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා පළව තිබුණා.

සිද්ධියෙන් තුවාල ලද අනෙක් තැනැත්තා ගුවන් කාර්ය මණ්ඩලයේ මොහාන් වික‍්‍රමසූරියයි.
ඔවුන් සියල්ලන් තවමත් දෝහාහි රෝහල්ගතවී ප‍්‍රතිකාර ලබනවා.

මියගිය අමෙන්ද්‍රා හා තුවාල ලද ඇගේ පෙම්වතා හිලරිගේ ඡායාරූප කිහිපයක් පහතින්







Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්