මගෙ අම්මා රත්තරන් හෙරක් නෙමේ - නාමල්
තමාගේ මව කිසිදු ආකාරයේ රත‍්‍රං වංචාවකට සම්බන්ධ නොමැති බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ බව කියන කාන්තාවක් විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට තමාගේ මව මහා භාණ්ඩාගාරයේ පවතින
රත‍්‍රං වංචා කළ බවට සිදු කර තිබෙන පැමිණිල්ල තමාගේ පවුල වෙනුවෙන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව ඉතා සාහසික ලෙස තමාගේ මවට හා පවුලට ‘මඩ‘ ගැසීම අරමුණු කරගෙන සිදු කළ පහත් ක‍්‍රියාවක් බවත් හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමාගේ පවුලේ සාමාජිකයින් පස් දෙනාගෙන් දේශපාලනයේ නියැළුනේ තමා සහ තම පියා පමණක් බවත් මව හෝ බාල සහෝදරයින් දෙදෙනා දේශපාලනයේ නොයෙදුන බවත් යමෙකුට දේශපාලනිකව පළිගැනීමට අවශ්‍යනම් තමාගෙන් හා තම පියාගෙන් එය සිදුකරගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
තමා දන්නා පරිදි තමාගේ මව කිසිදු ආකාරයකින් රත‍්‍රං වංචාවකට හෝ විකිණීමේ සිදුවීමකට කිසිදු ආකාරයේ සබඳතාවක් නොමැති බවත් මේ පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිවෙතැයි තමා විශ්වාස කරන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.