ටී ආර් සී මුල් පුටුව සුහයිර්ට

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස එම්.එම්.සුහයිර් මහතා පත් කර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

1994 වසරේ දී දේශපාලනයට එක් වු සුහයිර් මහතා 2000 වර්ෂය දක්වා පත් කළ මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති සුහයිර් මහතා ඉරානයේ තානාපත්වරයා ලෙස ද කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉකුත් රජය යටතේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනූෂ පැල්පිට මහතා කටයුතු කරන ලදී.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්