සවුදි අරාබියේ රජු අබ්දුල්ලා මියයයි

අද 23 සිකුරාදා පාන්දර සවුදි අරාබියේ මහරජු අබ්දුල්ලා ජීවිතයෙන් සමුගත්තේය. 1924 උපන් ඔහු මිය යනවිට 90 හැවිරිදි වියේ පසුවූයේය.

ලෝකයේ 8 වැනි බලවත්ම රාජ්‍ය නායකයා ලෙස ෆොර්බ්ස් ස`ගරාව නම් කර තිබුණ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 18 ක් බව කියැවුණා.
බිරියන් 11 සිටි ඔහුට දරුවන් 16 කි.
සවුදියේ රජ පදවියට ඔහු පත්වූයේ 2005දීය.
අබ්දුල්ලා රජුගේ අභාවයෙන් පසු ඔහුගේ සොයුරු සල්මන් සවුදි රජු බවට පත්ව සිටී.