අගමැති මොහාන් ගැන කියද්දි විමල් කෑගසයි පාර්ලිමේන්තුව කල් තබන්නට සිදුවෙයි

අද පාර්ලිමේන්තුවේදී මොහාන් පීරිස් අග විනිසුරු ඉවත්කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මිනිත්තු 45 ක ප‍්‍රකාශයක් කරා.

පසුගිය රජය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරුකමින් ඉවත් කිරීම හා මොහාන් පීරිස් එම තනතුරට පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ඔහු කියා සිටියා.
මොහාන් පීරිස් පසුගිය ජනපතිවරණයදා අරලිය ගහ මන්දිරයේ සිටි බවත්
අග විනිසුරු වැනි කෙනකු එවැනි තැනක සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්

අගමැති වැඩිදුරටත් කියා සිටියා.

රජයට  ඕනෑ විදියට නඩු තීන්දු දීමට තමා සූදානම් බව ඔහු කියා තිබෙන බවත් එවැනි අග විනිසුරුවරයකු ස්වාධීනත්වයෙන් කටයුතු කළ නොහැකි බව පෙනෙන බවත් අගමැති ප‍්‍රකාශ කළා.

ඔහු ලවා මේ පාර්ලිමේන්තුවේ සියලූ දෙනා සිරගෙට යැවීමට වුවත් තීන්දුවක් ගත හැකි බව අගමැතිවරයා කියන විට විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් කෑකෝ ගසමින් සභාවේ කලබලයක් කර තිබුණා.

කථානායකවරයාට ඉන්පසු සභාව මිනිත්තු 20කට කල් තබන්නට සිදුවුණා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි