වෙලේ සුදා කුඩු බිස්නස් කර මාසෙකට ලක්ෂ 25 ක් සල්ලි දුන්නේ දුමින්ද සිල්වාට - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක හෙළි කරයි - දුමින්දගේ සියලූ ගිණුම් පරීක්ෂාවට රටයාමට තවදුරටත් බෑ

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබාදී ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති

බව අද සවස පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ හෙළි කළා.
ෙමි නිසා දුමින්ද සිල්වාට අයත් සියලූ ගිණුම් පරික්ෂා කරන ලෙසට උසාවි නියෝගයක් ලබාදී ඇති බවද
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පැවසුවා.
ඒ අනූව දුමින්ද සිල්වා විසින් මෙරට සියලූ මූල්‍ය ආයතනවල පවත්වාගෙන යන සියලූ ගිණුම් පරික්ෂා කරන ලෙසට අධිකරණ නියෝගයක් ලැබී ඇතැයිද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මීට අමතරව දුමින්ද සිල්වාට රටින් පිටවීම වළක්වමින් දී ඇති අධිකරණ නියෝගය දීර්ඝ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

දැනට සිදුකර ඇති ප‍්‍රශ්න කිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස වෙලේසුදා නැමැත්තා කොළඹ දේශපාලනඥයෙකුට මාසිකව රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ලබාදුන් බව හෙළිවී
ඇති ඉකුත් දිනවල මාධ්‍ය වාර්තා පළවූ අතර ඔුහ සම්බන්ධකම් පැවැත්වූයේ කොළම දිස්ත‍්‍රික්කයේ තරුණ මන්ත‍්‍රීවරයෙකු සමග කීවත් ඔහු දුමින්ද සිල්වා බව හෙළි කර තිබුනේ නැත.

වෙලේසුදා නැමැත්තා පකිස්ථානයේ දී අත්අඩංගුවට ගෙන පසුගියදා මෙරටට ගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ තබාගෙන මේවන විට ප‍්‍රශ්න කරගෙන යමින් සිටියදී මේ කරුණ හෙළිවී ඇත.

එම ප‍්‍රශ්න කිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ඔහු සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට හෙළි කරගත් කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු, හිටපු පොලිස්පතිවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා සැරයන්වරයකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පසුගිය (22* පැවැති මාධ්‍ය හමුවකදී කියා තිබුණි.

එසේම ඔහු සමග සම්බන්ධකම් පැවැත් වූ බවට
සඳහන් වන පුද්ගලයින් හය දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, ඒ ප‍්‍රකාශ අනුව ඉහත පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව ඇති බවත්, කියැවිනි.

මෙම පිරිසෙන් උප පොලිස් පරීක්ෂකවරයා හා සැරයන්වරයා දැනට පොලිස් සේවයේ නැතැයි ද අජිත් රෝහණ මහතා පැවසූ අතර මොවුන් සිදුකළ ප‍්‍රකාශ ගැන පරීක්ෂණ පවත්වා ඒවා තහවුරු කරගෙන අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවද කියා ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්