ශ‍්‍රීලනිප නායක මෛත‍්‍රී සභාපති චන්ද්‍රිකා මහ ලේකම් රාජිත

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මෛත‍්‍රීපාල සිරිසේන නතුකරගැනීමෙන් පසු එම පක්ෂ ව්‍යවස්ථාවට සංශෝධනයක්  එක්කරන ලෙස එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.ඒ අනුව එහි
එජාපයේ මොඩලයට තනතුරු පිරිනමන්නට යොජනා කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයා ලෙස කටයුතු කරමින්,  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සභාපති ධුරයට පත් කිරීමට හා පක්ෂයේ මහ ලේකම් ධුරයට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පත් කිරීමට යෝජනා කර ඇත.
එසේ ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කර ‘මෛත‍්‍රී - චන්ද්‍රිකා‘ මෙහෙයුමක් යටතේ ඉදිරි මහ මැතිවරණයට මුහුණදී ශ‍්‍රීලනිප බහුතර ආණ්ඩුවක් ස්ථාපිත කල යුතු බව එම මන්ත‍්‍රී පිරිසේ බලාපොරොත්තුව වී ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි