දිමූගේ සම්බන්ධීකරණ ලේකම් නිවසේ පාළු ලිදෙන් ලිපි ලේඛන 19ක්

හිටපු අගමැති දිමු ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පැවසෙන පුද්ගලයෙකු නැවතී සිටි බව කියන මිනුවන්ගොඩ, වටිනාපහ ප‍්‍රදේශයේ නිවසක පාළු ළිඳක සගවා තිබූ ලිපිගොනු දැමූ ගෝනී 19ක් අද ගොඩට ගත් බව පොලීසිය කියයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ එම ගෝනිවල ෆයිල් කවර, ලිපි ගොනු, ඇතුළු වෙනත් කියවිලි ඇති බවයි.

අංක 58, වෙලපොල, වටිනාපහ, මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි අයිවන් ජෝර්ජ් නැමැති අයට අයත් නිවසක හිටපු අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව පැවසෙන කුරුප්පු ආරච්චිලාගේ ධර්මසේන යන නැවතී සිටි බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
එම නිවසේ ඇති පාළු ළිඳක කිසියම් සැකකටයුතු ගෝනී තොගයක් ඇති බවට මිනුවන්ගොඩ පොලීසියට අද උදෑසන 7.15ට පමණ දුරකථන ඇමතුමක් ලැබී ඇත.
ඒ අනූව එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය එහි තිබී මෙම ගෝනී තොගය අද පෙරවරු 11ට පමණ ගොඩගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
මේ පිළිබඳව මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි