වැල්ලවත්ත හැව්ලොක් සිටි මහල් නිවසෙන් දරුවා වැටෙන්නට පෙර සීසීටීවී දර්ශන
පසුගිය 24 වනදා වැල්ලවත්ත හැව්ලොක් සිටි සුපිරි මහල් නිවාසයේ ඉහළ මහළක සිට අවුරුදු හතරක දැරියක් වැටී මියයාම සම්බන්ධ පරීක්ෂණ තවම සිදුවෙනවා. එම සිද්ධියේ විදුලි සෝපානයේ ලබාගත් සීසීටීවී දර්ශන මේ සමග දැක්වෙනවා.
සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 4 ක් වූ සපීනා නමැති දැරියකි.
මෙම දැරිය එම නිවාස සංකීර්ණයේ වාසය කරන්නියක නොවු අතර වත්තල - මාබෝල ප‍්‍රදේශයේ පදිංචි ඇයගේ ඥාතීන් 11 වන මහළේ පදිංචිව සිටි බව කියැවේ. හැව්ලොක් නිවාස සංකීර්ණයේ පිහිටි ඇගේ මවගේ ඥාති සොහොයුරියගේ නිවසට පැමිණ ඇත්තේ දින දෙකකට පමණ ඉහතදීයි. මෙම නිවාස සංකීර්ණයේ 2 වන මහළේ පිටතට නෙරා එන පරිදි සකස් කළ සමතල භූමියක ළමා උද්‍යානයක් සකස් කර තිබෙනවා.
අනතුර සිදුවන්නට පැය කිහිපයකට පෙර මියගිය සපීනා ඇගේ ඥාතී වැඩිමහල් සොයුරියක හා ඇගේ මව සමග 11 වන මහළේ සිට 2 වන මහළට සෙල්ලම් බඩුද රැගෙන සෙල්ලම් කිරීමට ගොස්
තිබුණා. එය විදුලි සෝපාන සීසීටීවී දර්ශන වලද සටහන්ව ඇත. සිද්ධියට ටික වේලාවකට පෙර එම දැරිය ඇගේ වැඩිමල් සොයුරිය සමග තනිව නැවත විදුලි සෝපානයෙන් ගොඩනැගිල්ලේ ඉහළට ගමන් කර ඇත්තේ වැඩිමල් සොයුරියට වතුර
බොන්නට අවශ්‍ය බව කීම නිසාය. එම අවස්ථාවේ අතදරුවෙකුට කිරිදෙමින් සිටි නිසා මව ඔවුන් සමග පැමිණ නැත.
වතුර බීම සඳහා ඉහළ මහළක් වෙත එම දෙදෙන ගමන් කර විදුලි සෝපානය නැවත ලබාගැනීම පහසුවනු පිණිස වැඩිමල් සොයුරිය මියගිය සපීනාට කියා ඇත්තේ එහි රැඳී සිටිමින් බොත්තම ඔබාගෙන සිටින ලෙසයි.
ඒ අනුව ඇය බොත්තම ඔබා සිටින අතර වැඩිමල් සොයුරිය වතුර බීමට විදුලි සෝපානයෙන් ගියේ සපීනා එහි තනි කර දමාය. එම බොත්තම ඔබා සිටින අතර කිසියම් අතපසුවීමකින් විදුලි සෝපානය නැවති නොසිට සපීනා සමග ඉහළට ගමන් කතර තිබෙන බව සීසීටීවී දර්ශන වලින් පැහැදිලි වෙයි.
අනතුරුව එම විදුලි සෝපානය ඉහළ මහළකට ගිය බවක් හා සපීනා ඉන් පිටතට ගිය බවක්ද එම දර්ශන අනුව පෙනෙයි. පොලිසිය සැකකරන්නේ එය එම ගොඩනැගිල්ලේ 22 වන ඉහළම මහළ විය හැකි බවයි.
එම මහලේ හදිසි පිටවුම් දොරටුව අසළට සපීනා යන්නට ඇති බවට සාක්ෂි ලැබී ඇත. එයට හේතුව ඇගේ මළ
සිරුර පහළ 2 වන තට්ටුවේ පිට්ටනියක් අසළ හමුවන්නේ එම හදිසි දොරටුව පැත්තෙන් වීම නිසාය.
මෙම ගොඩනැගිල්ලට ආගන්තුක වයස අවුරුදු 4ක දැරියක වූ නිසා ඇය නැවත විදුලි සෝපානයෙන් පහතට යන ආකාරය නොදැන එම දොර වෙත යන්නට ඇතැයි සැක කෙරේ. එම දොරින් ගිය විට තිබෙන්නේ කුඩා බැල්කනියකි. එම බැල්කනියේ උස දැරියගේ උසට වැඩි බව කියැවේ.
කෙසේ වෙතත් ඇය වෙර යොදා එයින් පහත පෙනෙන උද්‍යානයට පැන්නාද යන්න විශ්වාස කිරීමට අමාරුය. ඇයව එතැනින් කිසිවෙකු තල්ලූ කළාදැයි සාක්ෂි තවම හමු නොවේ.
අනතුරට පත් ඇයගේ සිරුර හමුවී තිබුනේ 2 වන මහළේ උද්‍යානය අසළ ගොඩනැගිල්ලේ කෙළවරට වන්නටය.
දැරිය බිමට වැටි බරපතල තත්වයේ පසුවන විට හමුවූ බව නිවැසියන් දැන්වූ අතර ඇයව වහාම රැගෙන ගොස් ඇත්තේ කළුබෝවිල රෝහලටයි. ඇය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් ඇති බව පසුව වාර්තා වුණා.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මකය.
ඇය ගොඩනැගිල්ලේ විදුලි සෝපානයේ ගමන් කරන සීසීටීවී දර්ශන පහතින්