මහින්ද දිනනව කිව්ව අනාවැකිත් වැරදියි රූපවාහිනියේ ජ්‍යොතිෂ්‍ය වැඩසටහන් සියල්ල නවත්තනවා - සෝමරත්න දිසානයක
නව රජය බලයට පත්වීමෙන් පසු මුලින්ම පත් කළ සභාපති තනතුරක්වූයේ ජාතික රූපවාහිනියට ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පත් කිරීමයි. ඔහුට එම පත්කිරීම සිදු කළ පසු එය ලබාදීම ගැන විවිධ විවේචන එල්ලවී තිබුණා. ඔහුට ඒ සඳහා සුදුසුකම් නැතිකම, ඔහු ලජ්ජානැතිව කඬේ යන්නෙකුවීම වැනි විවේචන ඒ අතර තිබුණි.
මේ අතර පසුගිය සිකුරාදා කෝට්ටේ සෝලිස් ශාලාවේ රැස්වීමක් සංවිධානය කළ දිසානායක මහතා තමන් විවේචනය කරන අයට
5කෙලින්ම ඇවිත් කථාකරන්න යයි අභියෝග කර තිබුණා. නමුත් පෙරේදා රැස්වීමට එවන් විවේචකයින් පැමිණ කථා කළ බවක් වාර්තා නොවේ.
නමුත් ඔහු ජාතික රූපවාහිනියේ අලූතින් කරන්නට යන වෙනස්කම් කිහිපයක් ගැන එහිදී කතා කර තිබුණා. එකක් නම් මේතාක් කල් විකාශන කලාපය අඩු සීඑස්එන් නාලිකාව අත්පත් කරගෙන තිබුණ ක‍්‍රිකට් විකාශන ඒකාධිකාරය බිඳ දමා වැඩිදෙනෙකුට නරඹන්නට එම විකාශන
ජාතික රූපවාහිනිය සතු කරගැනීමයි.එම තීරණය ගැන නම් පේ‍්‍රක්ෂකයින් බොහෝ දෙනෙකු සතුටුවනු ඇත.
නමුත් මේ සමගම ජ්‍යොතිෂ්‍යය වැඩසටහන් ගැනද මතභේදකාරී තීරණයකට දිසානායක මහතා එළැඹ තිබුණා. එනම් මින් මතුවට ජාතික රූපවාහිනියේ ජ්‍යොතිෂ්‍ය වැඩසටහන් කිසිවක් විකාශය නොකරන බවයි. අඩුතරමේ ලග්න පලාපලවත් ජාතික රූපවාහිනියේ මින්පසු නැත.
මෙයට ප‍්‍රධාන හේතුව ලෙස ඔහු පැහැදිලි කළේ ජනපති මහින්ද දිනන බවට සුමනදාස,චන්ද්‍රසිරි හා මාපලගම ජ්‍යොතිෂ්‍යවේදීන් පැවසූ අනාවැකි වැරදීමයි.ඒ නිසා ජ්‍යොතිෂ්‍යය යනු මිත්‍යාවක් බව ඔහු තීරණය කර ඇත.
ඔහු එම අලූත් තීරණය දැනුම්දුන්නේ පහත පරිදිය.
‘මම ක්ෂණිකව නවත්තපු දෙයක් තියෙනවා..ජෝතිෂ්‍ය වැඩසටහන්...මම හිතනවා ජෝතිෂ්‍ය වගේ දේවල් ප‍්‍රධාන නාලිකා වලින් රටට අතවශ්‍ය දෙයක් මෙන් කරගෙන යාම බොහෝ දේ වලට අහිතකරයි කියලා..ඒ නිසා ජෝතිෂ්‍ය වැඩසටහන්, අනාවැකි කියන වැඩසටහන් අපි රූපවාහිනියෙන් නැවැත්තුවා.. ජෝතිෂ්‍ය කියන දෙය ඇත්ත කියන්නේ නෑ කියලත් සනාත වෙලා ඉවරයි..සමහර වෙඩි තියාගන්නවා කියන අය තාම ජීවත් වෙනවා..ඒක අපිට ප‍්‍රශ්නයක්..
සමහර අය කියනවා මරණ බය හින්ද එහෙම කියන්න
උනා කියලා..ඒකත් ප‍්‍රශ්නයක්..අනිත් එක තමයි උදේ පාන්දර ඇවිල්ල ජෝතිෂ්‍යවේදියෙක් කියනවා
උදේ පාන්දර 11 වෙනකන් රාහු කාලය ගෙදරින් පිට වෙන්න හොඳ නැහැ කියලා..කොහමද වැඩට යන්නේ කවුරුවත්? හැම කන්තොරුවක්ම වැඩ පටන් ගන්න ඕන 11 පහු වෙලා..”