වැල්ලවත්ත මහල් නිවසෙන් දරුවා වැටීම අභිරහසක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpcqAiffGMdGegNSZRYYQxuHzX4UYQfosi9zecXRJdPZRYYOmEIAhdMFHRjXpFTeqGBP32hbI6ywnWHjxIYvCZeESeyPQmTJeBEttOjCxu93ng91KmynCS-mqGjFFCtahJ9YInqcREywI/s1600/havelockcity.jpg)
සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 4 ක් වූ සපීනා නමැති දැරියකි.අනතුර සිදුවන්නට ටික වේලාවකට පෙර මියගිය සපීනා ඇගේ ඥාතී වැඩිමහල් සොයුරියක සමග පහළ මහළක සිට
ගොඩනැගිල්ලේ ඉහළම 22 වන මහළ වෙත විදුලි සෝපානයෙන් ගමන් කර තිබුණ බව සිද්ධිය ගැන පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
ඉන් අනතුරුව ඇය ගොඩනැගිල්ලෙන් පැන්නාද තල්ලූ කළාද හෝ වෙනත් දෙයක් සිදුවුණාද යන්න තවම පරීක්ෂණවලදී අනාවරණයවී නැත.නිවාස සංකීර්ණයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කළද දැරියගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට පොලිසියට මේ වනවිටත් හැකියාව ලැබි නැත.
ගොඩනැගිල්ලෙන් ඇය බිමට වැටී නැති අතර අනතුරට පත් ඇයගේ සිරුර හමුවී
ඇත්තේ ගොඩනැගිල්ලේ දෙවන මහළෙනි. එය පාවී ගොස් දෙවන මහළට වැටුණාදැයි සැකකෙරේ.
වැල්ලවත්ත පොලිස් වසමේ පිහිටි මහල් 22 කින් යුත් හැව්ලොක් සිටි නිවාස සංකිර්ණය අධික මිල නිවාස පිහිටි ධනවත් පැළැන්තිය වාසය කරන නිවාස සංකීර්ණයකි.
මෙම දැරිය එම නිවාස සංකීර්ණයේ වාසය කරන්නියක නොවු අතර ඇයගේ ඥාතීන් 11 වන මහළේ පදිංචිව සිටි බව කියැවේ. මෙම දැරිය වත්තල - මාබෝල ප‍්‍රදේශයේ පදිංචි දැරියක වන අතර, හැව්ලොක් නිවාස සංකීර්ණයේ පිහිටි ඇගේ මවගේ ඥාති සොහොයුරියගේ නිවසට පැමිණ ඇත්තේ දින දෙකකට පමණ ඉහතදීයි.
22 වන මහලින් දැරිය බිමට වැටි බරපතල තත්වයේ පසුවන විට හමුවූ බව නිවැසියන් දැන්වූ අතර ඇයව වහාම රැගෙන ගොස් ඇත්තේ කළුබෝවිල රෝහලටයි. ඇය රෝහලට
ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් ඇති බව පසුව වාර්තා වුණා.
දහවල් මළ සිරුර කළුබෝවිල රොහල් මෘත ශරිරාගාරයේ තැන්පත්කර ඇත’ පශ්චාත් මරණ පරීක්‍ෂණය 25 වන අද දින පැවැත්විමට නියමිතයි’ වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි’
මියගිය දැරියගේ දෙමාපියන් දැරිය කෙරෙහි දැක්වූ මද සැලකිල්ල අනතුරට හේතුවූ බව පොලිසිය පැවසුවා.