වෙලේ සුදා මරන්න සැලසුමක්
ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කියති.
වෙළේ සුදාගෙන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ප‍්‍රශ්න කිරීම්වලදී විවිධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමාට අනාවරණය වී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.
මින් ඉහත කුඩු ලාලිත ඔහුට සම්බන්ධ දේශපාලකයින්ගේ නම් හෙළි කරන්නට පටන්ගත් අතරදී ඔහුව ඝාතනයට ලක්ව තිබුණි.