ජනපති පුත් දහම් යුකේ ගිහින්

ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඊයේ උදැසන 11 ට පමණ කටුනායක ගුවන් තොටුපලෙන් එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය බව වාර්තා වනවා.
ඔහු එක්සත් රාජධානියේ නීති උපාධියක් හදාරණ බවත් පසුගිය නොවැම්බරයේ ජනපති අපේක්ෂක ලෙස සිය පියා තරගවැදීමට සූදානම්වූ අවස්ථාවේ එම වැඩකටයුතු අතර ලංකාවට පැමිණ තිබුණ බවත් වාර්තා වුණා. ඔහු නිවාඩුවෙන් අනතුරුව නැවත උපාධියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම සඳහා එක්සත් රාජධානියට ගිය බව වාර්තා වුණා. එහි ඉදිරියට මාස 6 ක පමණ කාලයක් ඔහු ගත කරනු ඇති බවද පැවසෙනවා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්