පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මහ මැතිවරණය මාස දෙකහමාරකින්
පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව හොත් පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ මාස දෙකහමාරක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසයි.
එහෙත් මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සිදු කළහොත් ඒ සඳහා මාස 3 කට වැඩි කලක් ගතවනු ඇති බව ද මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කෙළේය. මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කීරිමේ බලය ජනාධිපතිවරයාට හිමි බව පෙන්වාදුන් දේශප‍්‍රිය මහතා දැනට තිබෙන පාර්ලිමේන්තුවේ ආයු කාලය ලබන වසරේ අපේ‍්‍රල් දක්වා පැවැත්වෙන බවද කීවේය.
මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඊයේ (23* පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී කොමසාරිස්වරයා පවතන නීතියට අනුව මැතිවරණයක් සඳහා ඕනෑම වේලාවක සූදානම් විය හැකි බවද නව නීති ගෙන ඒමේදී එය අධ්‍යයන කැර මැතිවරණයක් පැවැත්වීමට මාස තුනක කාලයක් ගතවනු ඇතැයිද කීය.
රටේ අයිතිකරු ව්‍යවස්ථාදායකය බවද එහි ගනු ලබන සියළු තීන්දුවලට අනුව කටයුතු කරන බව කී දේශප‍්‍රිය මහතා ඡන්ද තියන එකේ පාලන අයිතිය මැතිවරණ දෙපාර්තමේන්තුවට ලැබෙනවා නම් තමා කැමැති බවද වැඩිදුරටත් කීවේය.
නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදෙණිය