සූදු පොළේ අදහස අතහැරගෙන පැකර් ශ‍්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

පසුගිය කාලයේ ලංකාවේ බෙහෙවින් කථාබහට ලක්වූ මහා කැසිනෝ ව්‍යාපාරික ඔස්ටෙ‍්‍රලියාවේ ජේම්ස් පැකර් ශ‍්‍රී ලංකාවේ සිදුකිරීමට යෝජිතව තිබූ
ඩොලර් මිලියන 400ක් වටිනා මිශ‍්‍ර ව්‍යාපෘතිය හකුළා ගන්නට තීරණය කළ බව අද  ඕස්ටේ‍්‍රලියානු ඒබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
මෙයට ආසන්න හේතුව වී ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමංසිහ පාර්ලිමේන්තුවේදී ඒ ගැන සිදු කළ ප‍්‍රකාශයයි.
කොළඹ ඞීආර් විජේවර්ධන පාරේ විශාල ඉඩමක කාමර 400 ක හෝටලයක් හා විනෝද කලාපයක් ඉදිකිරීමට පැකර් සූදානම්ව සිටි අතර
රනිල් කියා සිටියේ මෙම ව්‍යාපෘති සඳහා නව රජය යටතේ
බදු සහන ලබාදීමට හැකියාවක් නැති බවත් එය ඉදිකළත් එහි කැසිනෝ පවත්වාගෙනයාමට බලපත‍්‍ර ලබාදිය නොහැකි බවත්ය.
මෙම තීරණයත් සමගම ලංකාවේ එම ව්‍යාපාරය පිළිබඳ ඔහුගේ
අදහස වෙනස් කරගත් බවත් ව්‍යාපෘතිය අතහැර යාමට ක‍්‍රවුන් ව්‍යාපාර හිමි පැකර් තීරණය කළ බවත් ඒබීසී පුවත් සේවය වාර්තා කළා.
කැසිනෝ රජා යන ලෙස හඳුන්වන කෝටිපති ව්‍යාපාරික ඔස්ටෙ‍්‍රලියාවේ ජේම්ස් පැකර් ශ‍්‍රී ලංකාවේ සිදුකිරීමට යෝජිතව තිබූ ඩොලර් මිලියන 400ක ව්‍යාපෘතියට හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන සම්බන්ධීකරණ කටයුතු කළ අතර එයට එරෙහිව ලංකාවේ බෞද්ධ මහනායක හිමිවරුන් ප‍්‍රමුඛ සංවිධාන ගෙනගිය අරගලයට ඇහුම් කන්දී තිබුනේ නැත.
එවක එයට එරෙහි විරෝධතා බහුලවූ අවස්ථාවේ කැසිනෝ ගැන සඳහන් නොකර විනෝද ස්ථානයක් ලෙස නම් කළ අලූත් පනතක් ලෙස පාර්ලිමේන්තුවට මේ ගැන කරුණු දක්වා එය කොළේ වසා සම්මත කරන්නටද පැවති රජය කටයුතු කර තිබුණි.
ඒඅනුව ලංකාවේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුද සමග එක්වී මෙම සූදු පොළ
ගොඩනැගීමේ කටයුතු පැකර් අරඹා තිබුණ අතර ඇමරිකාවේ ලාස්වේගාස් වැනි සූදු නගර ආකාරයේ ස්ථානයක් කොළඹ පිහිටුවා දකුණු ආසියාවේ සූදු තිප්පොළක් බිහිකිරීමට ඔහු පිඹුරුපත් සකසා තිබුණි.
නොයෙකුත් දුරාචාර සිදු කරන ස්ථානයක් වියහැකි බැවින් මෙය ලංකාවේ සංස්කෘතිය විනාශ කරවන්නක් වියහැකි බවට ආගමික නායකයින් සිදු කළ අරගලයට කන් නොදුන් පැවති රජය ඒ සඳහා බදු ඉවත්කර සියලූ පහසුකම් සලසා තිබීම එකල කාගේත් විමතියට හේතු විය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්