උඩුවේ ධම්මාලෝක හිමි රඳවාගෙන සිටි වයස දෙකහමාරේ අලි පැටවකු වනජීවී අත්අඩංගුවට
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDiOkMszFBZoDGgkbvAV3pHXDZJfl-1KX5TzbNBAnPCn9GvzpL-kNzzRRTrxjkfwN3ujlqOy23T_JmXN43QAevZ26BI0f-N8kMJIrIU5YtdFJFXq8wHgdBVS9Euof2kOLL_P7idmU03iY/s1600/u2.jpg)
සංචාරක හා ක‍්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලැබුණු තොරතුරකට අනුව
මෙම වැටලීම සිදු කරන්නට ඔහු හා වනජීවී නිලධාරීන් එක්ව සිටියා.
අත්අඩංගුවට ගත් අලි පැටවාගේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වන අතර උස අඩි හතරක් පමණ වන බවත් කකුලේ සුව වූ තුවාල කැලැල් තිබෙන බවත් වාර්තා වුණා.
මෙම අවස්ථාවේ ඇලන් මැතිණියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමි නොසිටි අතර එහි වැඩවාසය කළ වයෝවෘද්ධ හිමිනමක් අලිපැටවා රැගෙන යාම ගැන වනජීවී නිලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල කළ බව වාර්තා වුණා.
නමුත් පසුව නියෝජ්‍ය ඇමතිවරයා සමග උඩුවේ ධම්මාලෝක හිමි දුරකථනයෙන් කථාකර අදාළ නීතිමය තත්වය පැහැදිලි කර අලි පැටවා රැගෙන යන්නට අවසරය ලබාගත් අතර අලිපැටවා සමග සිටි අනෙක් ලොකු අලියාවද අද(28* දිනයේ පැටවා සිටින තැනට රැගෙන යන ලෙස උඩුවේ ධම්මාලෝක හිමි දන්වා ඇත්තේ පොඩි පැටවා ලොකු අලියා නැතිව නොසිටින බව කියමිනි.
මේ ආකාරයට අලි පැටවෙකු ඇලන් මැතිනියාරාමයේ කලෙක සිටි රඳවා සිටි බවට විවිධ පැමිණිලි ලැබී තිබුණද පසුගිය රජය සමයේ ඒ සම්බන්ධ කිසිම පියවරක් නොගෙන සිටීමට වනජීවී නිලධාරීන්ට සිදුව තිබුණා.