ගම්මංපිලගෙන් 7 ක් හැලිලා

උදය ගම්මන්පිල මහතා සමග එක්වූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු සමාව ගෙන යළි ජාතික හෙළ උරුමයට සම්බන්ධ වූ බව එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
සීතාවක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී දුන්තලහේනේ රතනවංශ හිමි, පානදුර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර, බේරුවල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සුමිත් නිශ්ශංක, කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී රෝහණ විල්බට් පෙරේරා, ගම්පහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී නලීන් සමන්ත, පදියතලාව ප‍්‍රා.ස. මන්ත‍්‍රී අජිත් රණවක, උඩුදුම්බර ප‍්‍රා.සභා මන්ත‍්‍රී අනුරුද්ධ මඬුගල්ල යන අය මෙසේ යළි එක්වූ බව වර්ණසිංහ මහතා සඳහන් කළේය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්