අගවිනිසුරු ලෙස අද දිවුරුම් දෙන ශ‍්‍රී පවන් කවුද?

ශේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ‍්‍රී පවන් මහතා අද (30* නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.1952 පෙබරවාරි 29 වැනිදා උපත ලද කනක සභාපති ශ‍්‍රී පවන් මහතා දෙස් විදෙස් පතළ අධ්‍යාපන ආයතනයක් වන යාපනය හින්දු පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබිය.

1974 වසරේදී ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලැබූ හෙතෙම 1978 වසරේදී වැඩබලන රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. 1979 වසරේදී ස්ථිර රජයේ නීතිඥවරයකු ලෙස පත්
කරනු ලැබූ ඒ මහතා 1989 වසරේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු ලෙසට උසස් කරනු ලැබිය. එකී රාජකාරි කටයුතු අතරතුරම කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී වැඩිදුර නීතිය හැදෑරූ හෙතෙම 1992 වසරේදී වාණිජ නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක් 1994 වසරේදී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නීති විශාරද (එල්.එල්.එම්.* උපාධියක් දිනා ගැනීමට සමත් විය.

1996.02.22 වැනිදා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස උසස්වීම් ලද කේ. ශ‍්‍රී පවන් මහතා වෙත අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ හමුවේ විභාග වූ ව්‍යවස්ථාමය නඩු කටයුතු හා මූලික අයිතිවාසිකම් නඩු කටයුතු මෙහෙයවීමේ වගකීම පවරන ලදී. පුරා වසර 24කට ආසන්න කාලයක් දැඩි කැපවීමකින් හා ඉතා කාර්යක්ෂමව සිය රාජකාරි කටයුතු කොට සිය දෙපාර්තමේන්තුව තුළ කීර්තියක් දිනාගත් හෙතෙම 2002 වසරේදී අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙසට පත් කරනු ලැබිය.

2007 වසරේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙසට පත් කරනු ලැබිය. 2008 වසරේදී ශේෂ්ඨාධිකරණ විනිසුරු නිහාල් ජයසිංහ මහතා විශ‍්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ශේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් කරනු ලැබූ කේ. ශ‍්‍රී පවන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2013 වසරේදී වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ද පත් කර එකී තනතුරේ රාජකාරි ආවරණය කිරීමේ වගකීම පවරා තිබුණි. නීතිය අනුව සෘජුව කටයුතු කරන අපක්ෂපාතී විනිසුරුවරයකු ලෙසට නීතිඥ ප‍්‍රජාව අතර ගෞරවාදරයට ලක්වූ අයෙකි.
ඒ.ජේ.ඒ. අබේනායක

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්