විධායක ජනපති අයින් කලාම මේ ව්‍යවස්ථාවෙන්ම වැඩක් නැතිවේවි- වික්ටර් අයිවන්

ඊයේ(22) සිරස රූපවාහිනී නාලිකාවේ සටන දේශපාලන වැඩසටහනට එක්වූ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කියා සිටියේ ලංකාවේ වර්තමානයේ ක‍්‍රියාත්මක ව්‍යවස්ථාව විධායක ජනාධිපතිවරයෙකු විසින් රටක් පාලනය පහසු කරවීම සඳහා 1978දී ජේආර් රජයෙන් ඉදිරිපත් කළ එකක් බවයි. එහි විධායක

බලතල ඉවත් කළ පසු අගමැතිවරයෙකු විසින් රට පාලනය කරන ආකාරයේ 1972 -1977 ආකාරයේ ව්‍යවස්ථාවක් වෙනම සෑදිය යුතු බවත් ඒ වෙනුවට පවතින ව්‍යවස්ථාවේ විධායක බලතල පමණක් අහෝසි කිරීම ප‍්‍රමාණවත් නොවන බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව ඉදිරි ව්‍යවස්ථා වෙනස්කම් වලදී විධායක බලතල අහෝසි කිරීම පමණක් කළොත් ලංකාව අර්බුධයකට යාහැකි බව කියන ඔහු මෙම ගැටලූව නිරාකරණය සඳහා පවතින සම්පූර්ණ ව්‍යවස්ථාවම අගමැති පාලනයක් සඳහා අලූත් කළ යුතු බව කියා සිටියා.
එය පහසු කටයුත්තක් නොවන බවත් දින 100 ක් වැනි කෙටි කාලයකින් ලෝකයේ එවැනි ව්‍යවස්ථා නිර්මානයන් සිදුව නැති බවත් කියන ඔහු මේ සඳහා විශාල වශයෙන් සංවාදයක් ඇතිවිය යුතු නමුත් ලංකාවේ සමාජයේ ව්‍යවස්ථා වෙනස ගැන පවතින සංවාදය මදි බවත් කියා සිටියා.