ත‍්‍රිරෝද රථ ගාස්තුව සියයට 10 කින් පහලට

ත‍්‍රිරෝද රථ ගාස්තු 10%කින් පහත දැමීමට ත‍්‍රිරෝද රථ හිමියන් එකඟත්වය පළ කර තිබේ.

අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ, ත‍්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය සමග තමන් ඊයේ රාත‍්‍රියේ කළ සාකච්ඡාවකදී ඔවුන් ඊට එකඟත්වය පළ කළ බව ය.
ඉන්ධන මිල පහළ දැමීමේ වාසිය මගීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අනුව රුපියල් 40 ගාස්තුව 36 වියයුතු අතර 50 ගාස්තුව 45 විය යුතුය. නමුත් මෙම මිල ගණන් පිළිබඳ අවසන් පැහැදිලි කිරීම තවම සිදු කර නැත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්