මන්දිර බද්ද රවිටත් ගෙවන්න වෙයිද?

මෙවර ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් හදුන්වා දුන් බදු අතර එකක් වන මන්දිර බද්ද මුදල් ඇමති රවී කරුණානායක මහතාටත් අදාල වෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙම නව බද්දට අනුව රුපියල් කෝටි

10 ට වඩා වැඩි වටිනාකමින් හෝ වර්ග අඩි 5000 ට වැඩි ඉඩ ප‍්‍රමාණයකින් යුතු නිවාස හිමියන් විසින් වාර්ෂිකව තමන් අදාළ පළාත්පාලන ආයතනයට රුපියල් මිලියනයක් (ලක්ෂ 10 ක් * බදු වශයෙන් ගෙවිය යුතු වෙනවා. මෙම බද්ද දැනට පවතින වරිපනම් හා අනෙකුත් අදාල ගාස්තු වලට අමතරව ගෙවිය යුත්තක් බව පැවසේ.
රවි කරුණානායකද මෙවැනි නිවසක සිටින බවත් ඒනිසා
අනෙකුත් ඇමැති වරුන් මෙන්ම බද්ද හදුන්වා දුන් මුදල් ඇමැතිවරයාද එම බද්ද ගෙවිය යුතු අය අතර වන බව ජවිපෙ පවසයි.
මේ අතර මෙම මන්දිර බන්ධ පරම්පරාව අනුව උරුමවී ආ වර්ග අඩි 5000ට වැඩි නිවාස සඳහා අදාළ නොවනු ඇති බව ඇමති හර්ෂ ද සිල්වා ප‍්‍රකාශ කළා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට