හොර ඔප්පු සාදා ඉඩම් විකුණු ග‍්‍රීන්ෆීල්ඞ් මාට්ටු

ග‍්‍රීන් ෆීල්ඩි ප‍්‍රවයිට් ලිමිටඞ් නැමැති ආයතනයක් පවත්වා ගෙන යමින් ලංකාවේ විවිධ ප‍්‍රදේශවල විශේෂයෙන්ම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ව්‍යාජ ඔප්පු සාදා ඉඩම් විකුණා රුපියල් කෝට් හතරකට ආසන්න මුදලක් වංචාකර ඇති ශි‍්‍ර ලංකාවේ ඉපිද නොර්වේ

රටේ පුරවැසිභාවය ලබාගත් ස්ටෙපන් හෙල්ගසන් නැමැත්තා අද දින අයි’ඞී’එච් ප‍්‍රදේශයේදි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත’
මොහුට විරුද්ධව ඇති පැමිණිලි ගණන 50 කට ආසන්නය’ එමෙන්ම මොහුට ලංකාවේ විවිධ අධීකරණවල විවෘත වරේන්තු 19 ක් පමණ ඇත’ මොහු පහත ව්‍යාජ නම් වලින්ද පෙනි සිට ඇත’
01’ රත්නායක රාජපක්‍ෂ මුදියන්සේලාගේ රොහාන් සමන් රත්නායක”
02’ ගමගේ දයාණන්ද හේරත්”
03’ රණසිංහ ආරච්චිගේ තිලකරත්න”
04’ වාසල මුදලිගේ අසංක පේ‍්‍රමචන්ද්‍ර”
ඔබත් ග‍්‍රීන් ෆීල්ඞ් ප‍්‍රවයිට් ලිමිටඞ් නමින් හෝ ඉහත සඳහන් නමකින් හෝ පෙනිසිටි පුද්ගලයෙකුගේ රැවටීමකට” වංචාවකට ඉඩම් ගණුදෙණුවකදි හසුවි ඇත්නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 0112320141” 0112320142 යන දුරකථන අංක වලින් විමසා පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලිසිය දන්වා සිටී

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි