ලේක්හවුස්හි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරයට සමන් වගආරච්චි

මාධ්‍ය නිදහස සඳහා ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු හා ලක්බිම දිනපතා පුවත්පතේ හිටපු කර්තෘ සමන් වගාරච්චි මහතා ලේක්හවුස්හි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස අද (24) වැඩ බාරගත්තේය.

වගාරච්චි මහතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භකයෙක්ද වේ.

ඒ මහතා වසර 12කට ආසන්න කාලයක් විවිධ බලපෑම් නිසා ඇමෙරිකාවේ ජිවත් විය.
ඔහු මීට පෙර දිනමිණ කර්තෘවරයා ලෙසද සේවය කර තිබේ.