කඩුවෙල ඉන්ටසිටි බස් එක සෙනග බස්සා කොල්ලකන්න හදලා

ඊයේ 28 වන දින සවස 5 ට පමණ නවගමුව පොලිස් වසමේ කඩුවෙල කොල්ලූපිටිය මාර්ගයේ ධාවනය වු සුඛෝපබෝගි බස් රථයක් කඩුවෙල ටෙලිකොම් ආයතනය ඉදිරිපිටදි ත‍්‍රිරෝද රථයකින් පැමිනි
පුද්ගලයන් 04 දෙනෙකු විසින් මග හරස් කර නවතා ඇත පසුව එහි රියදුරු සහ මගින් බස්සවා රථය පැහැරගෙන ගොස් තිබෙනවා. මේ ගැන නවගමුව පොලිසියට ලද තොරතුරක් මත වහා ක‍්‍රියාත්මක වු පොලිසිය මෙම පැහැරගෙන යන බස් රථය කොස්වත්ත ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත’

මෙම පැහැරගැනිමට සම්බන්්ධ සැකකරුවන් සිව් දෙනා ඔවුන් පැමිණි ත‍්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගෙන ඇත’ සැකකරුවන් වයස අවුරුදු 21 ත් 49 ත් අතර පසුවන මාලඹේ” මල්වාන ප‍්‍රදේශවල පදිංචි අය වේ’ මෙම බස් රථයේ අයිතිකරු සමග සිදුවි ඇති මුදල් ආරවුලක් මත මෙම පැහැර ගැනිම සිදුකර ඇති බවට පොලිසිය කල විමර්ශණයේදි කරුණු අනාවරනය වි ඇත’ අත්අඩංගුවට ගත් සැකකරුවන්29 වන දින කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි’
නවගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබය

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි