ගණිතය ෆේල් අය පාස් කර බන්දුල බොරු පර්ෆොම් පෙන්නලා

සාමාන්‍ය පෙළ ගණිතය සමත්වීමේ අවම ලකුණු සංඛ්‍යාව 35 වුව ද පසුගිය කාලය තුළ දී අවම ලකුණු සංඛ්‍යාව ලකුණු 18ත් 25ත් අතර සංඛ්‍යාවකට අඩුකොට ගණිතය විෂය සමත්වීමේ සංඛ්‍යාව ඉහළ දමා තිබූ බව අකිල විරාජ් අමාත්‍යවරයා ගණිතය විෂය සමත්වීමේ ප‍්‍රතිශතය ඉහළ නංවා පෙන්වීම සඳහා පසුගිය ආණ්ඩුවේ බන්දුල ඇමති ක‍්‍රියාකර ඇති සඳහන් කළේය.
එහෙත් මින් ඉදිරියට විභාග සමත්වීමේ ප‍්‍රතිශතය ඉහළ නංවා පෙන්වීම සඳහා මෙවැනි මවාපෑම් නොකරන බව ද කාරියවසම් මහතා සඳහන් කළේය.
මින් ඉදිරියට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත්වීම අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව උසස් පෙළ ගණිතය, විද්‍යාව, වාණිජ්‍ය විෂය ධාරාවන්ට පමණක් නොව කලා හා තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටීමට පෙර සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත්වීම අනිවාර්ය වේ.

ගණිතය විෂය සමත් නොවුණ ද කලා හා තාක්ෂණවේදය විෂය ධාරාවන් යටතේ උසස් පෙළ විභාගයට පෙනීසිටීම සඳහා අවස්ථාව ලබාදීමට පසුගිය කාලය තුළ අවකාශ හිමිව තිබුණි.
ඒ අනුව උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පෙර සාමාන්‍ය පෙළ ගණිතය සමත්වීමේ තීරණය ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කරන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (26* පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ගණිතය සමත්කර දීමට අවස්ථා දෙකක් දීමේ තීරණය දිගටම ක‍්‍රියාත්මක වුව ද උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පෙර ගණිතය විෂය සමත්කර තිබිය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.
මංජුල ප‍්‍රදීප් වීරසූරිය

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්