අයිටීඑන් ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ධනුෂ්ක රාමනායක මහතා අද(23)උදෑසන, ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් පත්වීම් ලැබීය.2014 වසරේදී ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියක් හිමිකරගත් ඒ මහතා, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදී ඩිප්ලෝමාධරයෙකි. අළෙවිකරණය පිළිබඳවද ඩිප්ලෝමාවක් හිමි ධනුෂ්ක රාමනායක, 2005 වසරේ ..ද කිංඩම් ඔෆ් රයිගම්.. ආයතනයෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළේ ප‍්‍රවර්ධන හා නිර්මාණකරණ අංශයේ ලිපිකරුවෙක් වශයෙනි. පසුව එම ආයතනයේ කණිෂ්ඨ විධායකයෙකු සහ විධායක නිළධාරියෙකු වශයෙන් සේවය කරමින් අඛණ්ඩව වසර 5 ක් රයිගම් ටෙලි සම්මාන උළෙල සම්බන්ධීකරණ නිළධාරියා වශයෙන්ද කටයුතු කළේය.
2010 වසර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස පත්වූ ධනුෂ්ක රාමනායක, 2013 වසරේ සිට 2014 අග දක්වා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් වශයෙන්ද සේවය කළේය.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ධනුෂ්ක, එම පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසද කටයුතු කර ඇත. මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයෙන් දහම් අධ්‍යාපනය ලද හෙතෙම, දහම් පාසලේ අවසාන හා ධර්මාචාර්ය විභාග වලින් සමත්ව, අද එම දහම් පාසලේම ගුරුවරයෙකු වශයෙන් සේවය කරයි.
ලොව විශාලතම තරුණ සංවිධානය වන ලියෝ ජාත්‍යන්තර තරුණ සංවිධානයේ 2012/2013 වසරේ ශ‍්‍රී ලංකාවේ සභාපතිවරයා වශයෙන්ද, 2012/2014 වර්ෂයන්හි ජාත්‍යන්තර උපදේශක කමිටුවේ ආසියානු සාමාජිකයා වශයෙන්ද ධනුෂ්ක රාමනායක කටයුතු කර ඇත. හෙතෙම 2013 ජර්මනියේ හැම්බර්ග් ජාත්‍යන්තර තරුණ සමුළුවේ පැනල සාමාජිකයෙක් වශයෙන්ද, කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජාත්‍යන්තර තරුණ සමුළුවේ ප‍්‍රධාන කථීකයා වශයෙන්ද ජාත්‍යන්තර ලියෝ සංවිධානයෙන් ආරාධනා ලැබ සහභාගී විය.
