අයවැයෙන් දඩ කෑ කවරේජ් නැති සීඑස්එන් නාලිකාව වර්ල්ඞ් කප් 2015 පෙන්වන්නත් සූදානම්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම විදේශ රටවලදී සහභාගී වන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග ලංකාව පුරා පේ‍්‍රක්ෂකයින්ට පෙන්වූ ජාතික රූපවාහිනී නාලිකාවට තිබුණ එම අයිතිය හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට සම්බන්ධ අඩු ආවරණය සහිත සීඑස්එන් නාලිකාව මගින් කලක සිට උදුරාගෙන තිබුණා.

මේ හේතුවෙන් පසුගිය කාලයේ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග රැසක් ලංකාවේ හැමටම නිසිපරිදි බලාගන්නට බැරිව ගියා.
ඇතැමුන් කියා සිටියේ මේ නිසා ලංකාවේ ක‍්‍රිකට් පිළිබඳ උනන්දුවද අඩුවූ බවකි. තව දින කිහිපයකින් පෙබරවාරි 8 වනදා සිට ඇරඹෙන මෙවර 2015 ලෝක කුසලානය පෙන්වන්නේද සීඑස්එන් නාලිකාවෙනි. ඒ පැවති රජය කාලයේ ලබාගත් අනුමැතියකිනි.
මින් වසර 3 ක පමණ පෙර
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම විදේශ රටවලදී සහභාගී වන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරඟාවලියන්හි විකාශන අයිතිය රාජ්‍ය මාධ්‍ය ආයතන තුළින් විකාශය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කොට පෞද්ගලික රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවන්ට පිරිනැමීම නිසා රාජ්‍ය මාධ්‍ය ආයතනයන්ට වූ මූල්‍යමය හානිය මෙන්ම නරඹන්නන්ට හා අසන්නන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ සොයා බැලීමට ඇමැති අනු කමිටුවක් ස්ථාපිත කිරීමට ඇමැති මණ්ඩලය දැන් පියවර ගෙන තිබෙනවා.


මෙයට ඉහත මේ තරගාවලි විකාශන අයිතිය ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පමණක් පැවරීමට ගෙන තිබූ එම තීරණය වසර 2011 දී වෙනස් කර ක‍්‍රීඩාවන්ට පමණක් වෙන්වුණු සී.එස්.එන්. ආයතනයට පැවැරීමට පියවර ගෙන ඇත්තේ දේශපාලන හේතු මත බව දැන් අනාවරණය වනවා.

සී.එස්.එන්. ආයතනයේ විකාශනය ශ‍්‍රී ලංකාව පුරා සිදු නොවන නිසාත් ක‍්‍රිකට් තරඟ පිළිබඳ විස්තර ප‍්‍රකාශයන් සිංහල හා දෙමළ භාෂාවෙන් සිදු නොකෙරුණු නිසාත් ඈත ප‍්‍රදේශවල නරඹන්නන්ට හා විවිධ භාෂා අසන්නන්ට දැඩි අසාධාරණයක් වී ඇති බව අනාවරණය වුණා.
ඉදිරියේදී ඔවුන්ගෙන් ක‍්‍රිකට් විකාශන අයිතිය නැවත ජාතික රූපවාහිනියට පවරනු ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් 2015 ලෝක කුසලානයේ නිල රූපවාහිනී අයිතිය සීඑස්එන් නාලිකාවට දැනටමත් ලැබී ඇති අතර එම විකාශය තුළින් ඔවුන් මිලියන 400 ක ආදායමක් ලබන්නට අපේක්ෂිතය.


ඊයේ ඇයවැය ප‍්‍රකාශනයෙන් කියැවුණ ආකාරයට ක‍්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා මගින් රජයට විශාල බදු අහිමිවී ගොස් ඇති බවත් සන්නිවේදන ස්ථාන පහකට වඩා ඇති දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක වන ක‍්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා වලට රුපියල් මිලියන 1000 ක අයබද්දක් පැනවීමට යෝජනා කර ඇත.

ආවරණය නැති ප‍්‍රශ්නය නිසා දිගින් දිගටම පේ‍්‍රක්ෂක විරෝධයට ලක්වූ සීඑස්එන් නාලිකාවේ වෙළෙඳ ප‍්‍රවර්ධන ප‍්‍රධානියා 2012 වසරේ පුවත්පතකට කියා තිබුනේ සීඑස්එන් ලංකාව පුරා සම්පූර්ණ ආවරණය සහිත බවත් ගැටලූව ඇත්තේ එය ටියුන් කරන්නට නොදන්නා පේ‍්‍රක්ෂකයින් අතේ බවත්ය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්