යෝෂිතට හා රෝහිතට රග්බි නායකත්වය අහිමි කරන්න යනවලූ

හිටපු ජනාධිපතිවරයාගේ පුතුන් වන ශ‍්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂ සහ ශ‍්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ නායක රෝහිත රාජපක්ෂ අදාළ  කණ්ඩායම්වල
නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු
කරන්නැයි ඉහළින් බලපෑම් එල්ල වී ඇති බව වාර්තාවී තිබේ.
ඔවුන් අදාළ කණ්ඩායම්වලට ක‍්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සහ පෞද්ගලිකව ඔවුන්ට එල්ල වී ඇති චෝදනා නිසා මේ ආකාරයෙන් නායකත්වයෙන් ඉවත් කරන ලෙස දන්වා තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වුවද තවමත් මෙවැනි තීරණයක් සම්බන්ධව ලිඛිත දැනුම්දීමක් ඔවුන්ට ලැබී නොමැති බවද දැන ගන්නට ලැබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී වැඩි දුරටත් කරුණු අනාවරණය වනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වුවද අදාළ නායකයන් ඉවත් කිරීම, නොකිරීම දේශපාලනික හේතූන් මත සිදු නොවිය යුතු බව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ මතයයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්