මැණික් ගඟ අසල මල සිරුරක් හමුවී කතරගම දේවාලය වසයි

කතරගම දේවාලය අසළ දේවාල භූමියේ මැණික් ගඟ අසල ගසක එල්ලෙමින් තිබු මළ සිරුරක් සොයා ගැනීම හේතුවෙන් අද පෙරවරුවේ දේවාලය තාවකාලිකව වසා දැමුණි.දේවාල භූමියේ මළ
සිරුරක් හමුවුවහොත් තාවකාලිකව දේවාලය වසා දැමීම කතරගම දේවාලයේ සිරිතක් ලෙස පැවතෙන අතර මළ සිරුර දේවාල භූමියෙන් ඉවත් කිරීමෙන් පසු දේවාලයේ කටයුතු යළි ආරම්භ කෙරෙන්නේ කහදියර ඉස වතාවත් සිදුකිරීමෙන් පසුවය.
 අද පෙරවරු 10.30 පූජාව මේ හේතුවෙන් නොපැවැත්වූ බවත් මේ වන තෙක් මළ සිරුර අදාල සථානයේම ඇති අතර, එය ඉවත්කෙරෙන්නේ රටේ පවතින සාමාන්‍ය නීතිමය තත්වය යටතේ මහේස්ත‍්‍රාත් පරීක්ෂණයකින් අනතුරුව බවත් පැවසේ.මේ හේතුවෙන් බැතිමතුන් විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි