වෙල්ගම පුතා එක්ක පාවිච්චි කරපු ලංගම බස් ගොඩගමට
සන්ධානයේ හිටපු ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම විසින් තමන්ගෙ පුද්ගලික පාවිච්චිය සඳහා ගනු ලැබූ බවට සැකකරන බස් රථ කිහිපයක් ඒවායේ ප‍්‍රචාරක ස්ටිකර් ඉවත් කිරීම සඳහා ගොඩගම අශෝක් ලේලන්ඞ් සමාගමට භාරදී ඇතැයි ඊයේ වාර්තා වුණා.
මෙම බස්රථ පිළිබඳ සොයා බැලීම සඳහා ජවිපෙ කොළඹ දිස්ත‍්‍රික් පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා එම ආයතනයට ගිය අවස්ථාවේ එම බස් රථ පිළිබඳ තොරතුරු ලබා දීමට ආයතන බලධාරීන් කැමතිවී නැත.
හිටපු ඇමතිවරයා මෙම බස් රථ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගත් බවට තහවුරු වූයේ බස්රථවල ‘දිරි උදා මනුෂ්‍යත්වයේ සත්කාරය’ ලෙස ස්ටිකර් අලවා තිබීමත් අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ හා පළාත් සභා මන්ත‍්‍රී සොනාල් වෙල්ගම මහතාගේ ඡායාරූපද අලවා තිබීමෙනි.
කෙසේ වෙතත් හිටපු ඇමතිවරයා ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රීලංගමයෙන් තමන් කළ ඉල්ලීමදී වැඩිහිටි සමිතිවල පිරිස් වෙනුවෙන් මෙම බස්රථ දෙක ලබා දුන් බවකි.