රතුපස්වල ඝාතකයින් මාස 3 ක් ඇතුලත අල්ලනවා

ඉරිදා උදෑසන වැලිවේරිය නගර මාධ්‍යයට එක් වූ ප‍්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වෙමින් ඉල්ලා සිටියේ වැලිවේරිය වෙඩි තැබීම පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

බීමට පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරිය ඇතුළු ගම්මාන කීපයක ජනතාව එක් වී කළ උද්ඝෝෂණයේදී තිදෙනකු මරා දමා තිස්එක් දෙනකුට තුවාල සිදු කළ හමුදා පිරිසට කුලී හමුදාවක් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි උද්ඝෝෂකයෝ පවසති.
පසුගිය වකවානුවේදී ධනවතුන් විසින් මුදල් ගෙවා සිය ව්‍යාපාරික අවශ්‍යතා සපුරා ගනු ලැබීම සඳහා ඉහත කී කුලී හමුදාව යොදා ගෙන ඇති බවයි සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප‍්‍රමිත හෙට්ටිආරච්චි කියා සිටියේ.
මාස තුනක් ඇතුළත වැලිවේරියේ ජනතාවට විසඳුම් ලබා දෙන බවට මේ අතර අමාත්‍ය කරු ජයසූරිය සමග එම ස්ථානයට පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරයා පොරොන්දු විය.
පසුගිය රජය පානීය ජලය ලබා දෙන බව ප‍්‍රකාශ කරමින් මධ්‍ය සංදර්ශන පමණක් සිදු කළ බව එහිදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්