අසාද් සාලි ගෙට පැනලා අගවිනිසුරු මොහාන් පොලීසි යයි අද සවස ශිරාණි දිවුරුම්දී දවසකින් අස්වෙනවාලූ අනතුරුව අගවිනිසුරු කේ ශ‍්‍රී පවන්

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට තනතුරින් ඉවත් වන්නැයි ඉල්ලා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක් ඇතිව තිබේ.
විවිධ විරෝධතා පුවරු රැගත් නීතිඥයින්, වෘත්තීය සමිති
නියෝජිතයින් ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටී. ඔවුන් පවසන්නේ හිටපු ජනපතිවරයාගේ උවමනාවට පත් කළ පත්වීමක් බැවින් අගවිනිසුරු පදවියේ මොහාන් පීරිස් රැඳී සිටින්නේ නීති විරෝධීව බවයි.
මේ අතර ඊයේ රාත‍්‍රී කිසියම් පිරිසක් අගවිනිසුරු මොහාන් පිරීස් මහතාගේ නිල නිවසට කඩා වැදී
තර්ජනාත්මකව හැසිරී ඇති බවද වාර්තා වුණා. මෙම පිරිස අතර මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතාද සිටි බව කියැවුණා.
තමාට ධූරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව කියමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර ඒ අනූව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාට ඒ පිළිබඳව කරුණු වාර්තා කළ බව පැවසුණා.

අගවිනිසුරුගේ පත්වීම නීත්‍යානුකූල නොවන බැවින් වහාම ඉන් ඉවත්වන්නැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන අද දිනයේ ඔහු වෙත ලිපියක් යොමු කරන්නට නියමිත බවද දේශපාලන ආරංචි අනුව වාර්තා වුණා.

ඒ අනුව අද සවස ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය නැවත සිය තනතුරේ දිවුරුම් දෙන්නට යන බවත් ඇය තමන්ගේ අහිමිවී ගිය නීතිමය අයිතිය තහවුරු කරගැනීමෙන් අනතුරුව ස්වේච්ඡාවෙන් දිනකට පසු එම තනතුරින් ඉවත්වන්නට යන බවත් සැලයි.

ඉන්පසු ජනපති ඉදිරියේ හෙට හෝ අනිද්දා ශ්‍රේෂ්ඨාධිතරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙකු වන කේ ශ‍්‍රී පවන් අගවිනිසුරු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් ඔහු දිගටම අගවිනිසුරු ලෙස කටයුතු කරනු ඇති බවත් වාර්තා වුණා. පසුගිය 9 වනදා නිදහස් චතුරශ‍්‍රයේදී ජනපති මෛත‍්‍රිපාල ජනපති පදවියේ දිවුරුම් දුන්නේද ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙකු වන කේ ශ‍්‍රී පවන් ඉදිරියේය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්