අතුරු අයවැය 2015 රජයේ වැටුප් රුපියල් 10000 කින් වැඩිකරයි ගෑස් මිල 300 කින් අඩුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුවේ

 භූමිතෙල් නැවත අඩුවේ, සීනි,කිරිපිටි, සස්ටජන්, පිටි, පාන්, මුං ඇට,හාල් මැස්සන්,ටින් මාළු, කොත්තමල්ලි උම්බලකඩ උඳු කහ වියළි මිරිස් අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩුවේ

පැවති දැරිය නොහැකි ජීවන වියදම සමනය කිරීම සඳහා අතුරු අයවැයේදී අඩුකරන දේවල් ගැන ඇමතිවරයා කියා සිටියා. අද මධ්‍යම රාත‍්‍රියේ සිට අඩුවන මිල ගණන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් නොව 13 ක් සඳහා බලපැවැත්වේ.

සීනි මිල රුපියල් 10 කින් අඩුවේ
කිරිපිටි ග‍්‍රැම් 400 උපරිම සිල්ලර මිල රුපියල් 325 වනු ඇත.
සස්ටජන් කිරිපිටි ග‍්‍රැම් 400  රුපියල් 100 කින් අඩුවේ
තිරිගු පිටි කිලෝග‍්‍රෑමය රුපියල් 12.50 කින් අඩුවේ.
පාන් මිල රුපියල් 6 කින් අඩුවේ

මුං ඇට කිලෝව රුපියල් 40 කින් අඩුවේ
හාල්මැස්සන් කිලෝව රුපියල් 15 කින් අඩුවේ
ටින් මාළු රුපියල් 60 කින් අඩුවේ
කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවේ
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් අඩුවේ.
උඳු කිලෝව රුපියල් 60 කින් පහළට
කහ කිලෝව රුපියල් 100 කින් අඩුවේ
වියළි මිරිස් කිලෝව රුපියල් 25කින් අඩුවේ

ඉන්ධන මිලට සංශෝධන
දැනට ඞීසල් 95 පෙට‍්‍රල් 117 භූමිතෙල් 65 ලෙස අඩුකර ඇත.
භූමිතෙල් මිල තවත් රුපියල් 6 කින් එනම් රුපියල් 59 තෙක් අඩුවනු ඇත.
ගෑස් මිල රුපියල් 300 කින් අද රාත‍්‍රියේ සිට අඩුවේ

විදුලි ගාස්තු අඩුවීම
ලෝක වෙළෙඳපොලේ ඛණිජ තෙල් මිල අඩුවීමට සාපෙක්ෂව තෙල් මිල අඩුවීමත් සමග ඉදිරියේදී මිල සූත‍්‍රයක් අනුව විදුලි ගාස්තු අඩුවනු ඇති බවත් රජයේ ආයතන වලට සූර්ය බලය හඳුන්වාදී මිල අඩුකරන බවත් කියා සිටියා.

බස්ගාස්තු අඩුවීම
දැනට සාකච්ඡා කර ඇති පරිදි සියයට 10 කින් බස් ගාස්තුත් සියයට 5 කින් වෑන් ගාස්තුත් අඩු කරන ඇත.
------------------වැටුප් වැඩිවීම-------------
අද පාර්ලිමේන්තුවේදී අතුරු අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද සවස 1.30 ට පමණ අය වැය කතාව ආරම්භ කළේය.රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ඔහු එහිදී ප‍්‍රකාශ කළ ආකාරය මෙසේය.

‘දින 100 විප්ලවකාරී වැටුප් වැඩිවීම මගින් මාසික වැටුප 10000 කින් වැඩිකර ඉන් 5000 ක් 2015 පෙබරවාරියේ සිටත් ඉතිරි 5000 2015 ජුනි මස සිටත්
ලබාදෙන බවත් පොරොන්දු වනවා. මේ අනුව රජයේ සේවකයින්ගේ නාමික වැටුප 2014 ට සාපේක්ෂව 2015 දී සියයට 47 කින් වැඩිවනු ඇත. මූර්ත වැටුපේ වර්ධනයද සියයට 40 කින් වැඩිවී ඇත.
මෙය රජයේ සේවකයින්ට ලබාදුන් විශාලතම වැඩිවීම වනු ඇත.’

පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම ගැන සේවක වැටුප අවම වශයෙන් රුපියල් 2500 කින් වැඩිකරන්නට සලකා බලන ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටියා.

විශ‍්‍රාම වැටුප් දීමනාව ලබන අපේ‍්‍රල් මස සිට රුපියල් 1000 කින් වැඩි කරන්නටද ඔහු යෝජනා කළා.
ජ්‍යොෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් රුපියල් මිලියනය දක්වා තැන්පතු සඳහා සියයට 15 ක පොලියක්ද ඔහු යෝජනා කර ඇත.

---------------අනෙකුත් යෝජනා--------------
අධ්‍යාපනය සඳහා වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% දක්වා ඉහළට
රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක‍්‍රියාත්මක කරනවා
සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළ දමනවා
වකුගඩු රෝගීන්ට රුපියල්  මිලියන 2000ක්
කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළ දමනවා
සහතික මිල යෝජනා (කිලෝවකට* වී - 50 /= රබර් - 350/= තේ - 85/= අර්තාපල් - 8-/=
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා ඉහළට
ගොවියන්ට නව රක්ෂණ හා විශ‍්‍රාම වැටුපක්
රුපියල් 60 තිබූ කිරි ලීටරයට රුපියල් 70ක සහතික මිලක්
අඩු මිලට අත් ට‍්‍රැක්ටර්, පොහොර සහනාධාරය දිගටම
රුපියල් 100000 දක්වා ගත් ගොවි ණය වලින් 50000ක් කපා හැරේ
සමෘද්ධි දීමනාව අපේ‍්‍රල් මස සිට 200% ඉහලට
ගර්භණී මාතාවන්ට රුපියල් 20000 දීමනාවක්
ණය ලබා දීමේ පහසුවට සමෘද්ධි බැංකු ප‍්‍රාදේශී සංවර්ධන බැංකු හා ඒකාබද්ධ කරනවා


සේවක අර්ථසාධක අරමුදලින් 30%ක් නිවාස සහ ඉඩම් මිලට ගැනීමට ලබා දීමට යෝජනාවක්
අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු විසින් දේශපාලන මුහුණුවරක් ගන්නා වෙළඳ දැන්වීම් පළ කිරීමට සීමා
විදේශ සේවකයන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව 5000 දක්වා අඩු කෙරේ
මිලියන 450 ක් වැයකොට ගෙන්වනු ලැබූ හෙලිකොප්ටර් ගැන විමර්ශනය කරනවා

අනේවාසික විදේශ ගිණුම් වල පොලිය 5% ඉහලට
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බස් ගාස්තු 50% කින් අඩු කරනවා
සියලූම අයට බැංකු ගිණුමක් ලබාදීමට කටයුතු කරනවා - ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව සලසනවා
මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහේ පාඩුව බිලියන 15
මේ නිසා ශ‍්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම් ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා
ස්වයං රැකියා නියුක්තිකයන්ට විශ‍්‍රාම යෝජනා ක‍්‍රමයක්
දහම්පාසල් ගුරුවරුන්ට මසකට රුපියල් 200ක්

මහපොළ දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කෙරේ
ක‍්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්
සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක්
ජංගම දුරකතන සමාගම් සඳහා එක්වරක් පමණක් රුපියල් මිලියන 250ක බද්දක්
සුරාසල් හිමියන්ගෙන් එක් වරක් ගෙවිය යුතු 250,000 ක බද්දක්
ආබාධිත රණ විරුවන්ටරුපියල් 500000 දක්වා ණයක්
විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා ආධාර
වාහන ආනයන කරුවන්ගෙන් මිලියන1.5ක වාර්ෂික බද්ධක්
අබලන් වාහන විකිණීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක් ලබන්නට යෝජිතයි
ජංගම දුරකතන සඳහා රීලෝඞ් කිරීමේදී අයකළ 25% බද්ද ඉවත්කෙරේ
විවාහ ලියාපදිංචි ගාස්තුව 5000 සිට 1000 තෙක් අඩුවේ
තැබෑරුම් සහ මත්පැන් අළෙවි සල් වලට රුපියල් 205000 බද්දක්
මත්පැන් බලපත‍්‍ර ගාස්තු 100% ඉහළට
කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන 1000 විශේෂ බද්දක්
සිමෙන්ති මිල රුපියල් 90 න් පහළට
යතුරු පැදි ත‍්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන
දේශීය වාහන එකලස් කරන සමාගම් පැහැර හැරි බදු අයකිරීමට කටයුතු කරනු ලැබේ මින් රුපියල් කෝටි 12000 ආදායමක් අපේක්ෂා කෙරේ
හයිබි‍්‍රඞ් මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත‍්‍රියේ සිට සංශෝධනය කරනු ඇත
එන්ජින් ධාරිතාව 1000 අඩු වාහන සඳහා 15% බදු සහනයක්
සුපිරි වාසි බද්ද - මිලියන 2000 ට වඩා ලාභ ලබන ආයතන වලින් 25% ක බද්දක්
උපයන විට ගෙවීමේ බද්ද අයකිරීමේ සීමාව රුපියල් 750000 දක්වා ඉහළට
දුෂ්කර ප‍්‍රදේශ සඳහා ආදායම් බදු සහන
විදෙස් ගත වන්නන් ගෙනයන මුදලින් 20% බද්දක්
මන්දිර බදු - මිලියන 100 ක් හෝ ඊට අධික වටිනාකමක් වැඩි වටිනාකමක් ඇති නිවාස වලින් වර්ෂයකට රුපියල් මිලියනයක බද්දක්
ලක්ෂ 2ට අඩු රන් භාණ්ඩ උකස් පොළිය කපා හැරේ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්