එස් එම් ඉවතට උතුරුමැද මහඇමති පුටුව පේෂලට

උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න මහතා එහි නව ආණ්ඩුකාර පී.බී දිසානායක මහතා ඉදිරියේ අද (28* පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

පේෂල ජයරත්න මහතා ජනපතිවරණ කාලසීමාවේදී සන්ධානයේ සිට පොදු අපෙක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
ඔහු උතුරු මැද පළාත් සභාවේ ආහාර, සමුපකාර හා වෙළෙඳ ඇමැතිවරයා ලෙස එවකට කටයුතු කළේය.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසුව වර්තමාන මහ ඇමති එස්.එම්.රංජිත් මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණි.

දිගු කලක් උතුරු මැද මහඇමති පුටුව හෙබවූ නැසීගිය බර්ටි පේ‍්‍රමලාල්ගෙන් එම බලය උදුරාගැනීම නිසා ඔහුගේ පුත් දුමින්ද දිසානායක හා එස් එම් රංජිත් අතර පසුගිය කාලයේ ආරවුල් ඇති විය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි