සත්තුවත්තට බල්ලො පැනලා මීමින්නන් 13 ක් මරාගෙන කෑම ගැන පරීක්ෂණයක්

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි දුර්ලභ සහ වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් වූ මීමින්නන් 13 දෙනාම එකවර මිය යාම ගැන සංචාරක සහ ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
පසුගිය 27 දා පෙරවරුවේ මහමග දඩාවතේ ගිය බල්ලන් රංචුවක් සත්වෝද්‍යානයෙට ඇතුළු වී එහි කූඩුවක සිටි මීමින්නන් 13 දෙනාම මරා දමා ඇතැයි උද්‍යාන සේවකයෝ පවසති. සත්වෝද්‍යානය වටා පිහිටි තාප්පයේ බොහොමයක් තැන් කැඞී බිඳී ඇති බව වාර්තා වේ. එමෙන්ම නිසි නඩත්තුවක් නොමැති කමින් සත්ත්ව කූඩු අබලන් වී ඇති බවත් දඩාවතේ යන බල්ලන් එලෙස අබලන් වූ කූඩුවලට පැන වටිනා සතුන් මරා දැමූ ප‍්‍රථම අවස්ථාව මෙය නොවන බවත් සේවකයෝ කියා සිටිති. මීට මාස කිහිපයකට ඉහතදී කූඩුවකට ඇතුළු වූ බල්ලෙකු විසින් දුර්ලභ සතකු වූ මාරා ජෝඩුවම මරා දමා තිබුණි.
සපුමල් ජයසේන

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි