වෙලේ සුදා එළි කරන කුඩු කාරයා හිරේ යවන එක හොඳයි ඒත් දේශපාලන පලිගැනීම් බෑ හරිද... - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ ප‍්‍රකාශ කර තිබුනේ වෙලේ සුදා නමැති පාතාල සාමාජිකයා පාකිස්ථානයේ සිට අල්ලාගනු ලැබුවේ මින් පෙර පැවති රජයේ දක්ෂතාවයට එලූ දැල නිසා බවකි.
ඔහුගේ පාපොච්චාරණය අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ තරුණ මන්ත‍්‍රීවරයෙකු
කුඩු ජාවාරමට සම්බන්ධ බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කර තිබෙන ප‍්‍රකාශය ගැන අදහස් පළ කරන විමල් නැවත කියා සිටියේ කුඩු ජාවාරම් කරුවන් හිරේ යැවිය යුතු නමුත් දේශපාලන පලිගැනීම් සිදු කරනවාට තමන් විරුද්ධ වන බවයි.
ඔහු එය කියා සිටි ආකාරය පහත පරිදිය.
‘ඔය වෙලේ සුදා කියන පාපොච්චාරණය අනුව කවුරුන් හෝ මේ රටේ කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන් සියලූ දෙනාම හිරේ යවන්න  ඕන..
ඒ ගැන කිසි විවාදයක් නෑ. හැබැයි මේ දේශපාලන පලිගැනීම් සඳහා බොරුවට කටඋත්තර දඩමීමා කරගෙන කවුරුහරි කටයුතු කරනව නම් අපි ඒකට එක`ග වෙන්නෙ නෑ.’
එම වීඩියෝව පහතින්