නව අගවිනිසුරුවරයා ලෙස කේ ශ‍්‍රී පවන් දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස කේ. ශ‍්‍රී පවන් මහතා අද 30 සවස දිවුරුම් දුන්නා. කේ. ශ‍්‍රී පවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිශ්චකාරවරයා වනවා.

1979 වසරේදී ස්ථිර රජයේ නීතිඥවරයකු ලෙස පත් වූ කේ. ශ‍්‍රී පවන්
1996 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස උසස්වීම් ලද අතර 2002 වසරේදී අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙසට පත් කරනු ලැබිය.
2007 වසරේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙසට පත්ව සිටි ඔහු 2008 වසරේදී ශේෂ්ඨාධිකරණ විනිසුරු නිහාල් ජයසිංහ මහතා විශ‍්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ශේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් කරනු ලැබූ අතර කේ. ශ‍්‍රී පවන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2013 වසරේදී වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ද පත් කර තිබිණි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්