මං තාමත් එජාපයේ - මනූෂ නානායක්කාර

”එක්සත් ජාතික පක්ෂයෙන් මා වෙත ආරාධනා ලැබෙමින් තියෙනවා.  ඉදිරියේදී ගන්න තීන්දු තීරණ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නෙ මම අදටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් බවයි” යැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂනානායක්කාර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයට තමන් එක්වන්නේදැයි විමසීම තේරුමක් නොමැති කරුණක් බවත්, මේ දක්වාම තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වන බවත්මනුෂ නානායක්කාර මහතා කීය.

මන්ත‍්‍රීවරයා මෙම තොරතුරු හෙළිකළේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් ආසන සංවිධායක ධුරයකට මනුෂ නානායක්කාර මහතා පත්කිරීමට නියමිත බවට පැතිර යන ආරංචිය පිළිබඳව කළ විමසුමකදීය.
හිනිදුම රවීන්ද්‍ර ශ‍්‍රීලාල්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට