විදේශ අමාත්‍යංශයේ හදිසියේ පාර්ක් කර ගිය අධි සුඛෝපභෝගී ජංගම නිවාස බස් දෙක අයිති සජීන්ටයි නාමල්ටයිද?


පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සමයේ ලංකාවට ගෙන්වූ බව කියන අධි සුඛෝපභෝගී ජංගම නිවාස බස් රථ දෙකක් විදේශ කටයුතු අමාත්‍යංශයේ පසුගිය 29 වනදා සිට කිසිවෙකු ගෙනවිත් නවතා ගොස් තිබෙන බව වාර්තා වුණා.

මෙම බස් රථ දෙක තුළ මුළුතැන්ගෙයක්, නානකාමර, නිදන කාමර සෝෆා, විදුලි පංකා හා වායු සමීකරණ පිහිටුවා තිබුණ අතර එම බස් රථ දෙක එකවර ගමන් කිරීමේදි එහි වාසය කරන අයට ජංගම සුපිරි නිවාසයක ගත කරන හැ`ගීමක් දැනෙන බව පැවසුණා.
චොගම් සමුළුවට කියා මෙය ගෙන්වුවත්
ඒ සඳහා ආ රාජ්‍ය නායකයන් කිසිවෙකු හෝ මෙම ජංගම නිවස භාවිතයට ගත් බවක් වාර්තා වූයේ නැත.
මෙහි නවාතැන්ගෙන විවේක ගනිමින් තැන තැන ගෙන ගිය බවට සාධක ඇතිමුත් මෙම රථයේ අයිතිකරුවන් කවුද යන්න ගැන විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂකයින් කරුණු
ස`ගවා තිබුණ නමුත් මෙය දේශපාලනඥයින් දෙදෙනෙකු විසින් පරිහරණය කරන ලද බවට මාධ්‍ය මගින් දැන් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
මේ සම්බන්ධව දැනට සිදුකරගෙන යන පරීක්ෂන වලදී
මේ බස්රථ දෙක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ සජින් වාස් ගුණවර්ධන මහත්වරුන් පරිහරණය කර ඇති බවට තොරතුරු තිබෙන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. නමුත් සජින් වාස් ගුණවර්ධන පුවත්පතකට ප‍්‍රකාශ කර ඇත්තේ තමන් එහි ගොස් ඇති මුත් දිගටම පරිහරණය කළ කතාව මුසාවක් බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මේ දක්වා කල්බදු ක‍්‍රමයට ලංකා අශෝක් ලේලන්ඞ් සමාගම වෙත මුදල් ගෙවා තිබෙන බවත් වාර්තා වුණා.
එක් බස් රථයක් සඳහා මසකට රුපියල් ලක්ෂ නවය බැගින් අදාළ අධි සුඛෝපභෝගී බස්රථ දෙක වෙනුවෙන් මේ දක්වා කාලයට රුපියල් ලක්ෂ 252 ක මුදලක් ගෙවා තිබෙන අතර වර්ෂය අවසානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සතු භාණ්ඩ ලේඛනය පරීක්ෂා කිරීමේ දී වාරික මුදල් ගෙවන මේ වාහන අමාත්‍යංශ භූමියේ නොමැතිවීම ගැටලූවක්වී ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනටමත් දැනුම්දී ඇත.
මෙම වාහන 8 වනදා සිට 29 වනදා දක්වා ගාල් කර තිබූ තැනද තවමත් රහසකි.



Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්