මහ මැතිවරණයට මනාප නෑ - තියෙන්නෙ ආසන ක‍්‍රමයට

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය ආසන ක‍්‍රමයේ හා සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණ මැතිවරණයක් ලෙස පැවැත්වෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා කැබිනට් ප‍්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

රටට පොරොන්දු වූ පරිදි මීළඟ මැතිවරණය සාධාරණ, සදාචාර සම්පන්න මැතිවරණයක් බවට පත්කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මැතිවරණ කොට්ඨාසයකට නිශ්චිත මන්ත‍්‍රීවරයකු බැගින් තෝරාගන්නා කේවල ඡන්ද ක‍්‍රමයට හා සමානුපාතික ක‍්‍රමයට තෝරා ගන්නා මන්ත‍්‍රීවරුන්ගෙන් නව පාර්ලිමේන්තුව සමන්විත වේ. දින සියයේ වැඩසටහන යටතේ කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම ද ඇතුළත්ය.

මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයට පෙර මැතිවරණය පවත්වනවාදැයි කළ විමසුමකට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමැතිවරයා,ිපවතින මැතිවරණ කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කළානම් ඒ අනුව මීළඟ මැතිවරණය පවත්වනවා මිස සීමා නිර්ණය පදනම් කරගෙන එය කල් නොදැමිය යුතු යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

සුනිල් දයා අල්විස්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි