අතුරු අයවැයෙන් කුඩා මෝටර් රථ මිල අඩුවුණාට හයිබි‍්‍රඞ් මිල ඉහළ යනවා -මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය

ඊයේ රජය ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් කුඩා වාහනවල මිල අඩුවීම සම්බන්ධ යහපත් බලාපොරොත්තු ඇති කරගතහැකි වුවත් හයිබ‍්‍රිඞ් වාහන මිල ඉහළ යනු ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එන්ජින් ධාරිතාවය 1000 සී.සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කර තිබෙන අතර හයිබි‍්‍රඞ් (දෙමුහුන්* මෝටර් රථ ආනයනයේදී ක්ෂයවීමේ වගුව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කරන බවද දන්වා තිබුණා.
මේ පිළිබඳව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ අදහස් පළකරමින් පැවසුවේ

ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම යනු අවුරුදු දෙකක් පැරණි හයිබි‍්‍රඞ් මෝටර් රථ ආනයනය කිරීමේදී අයකරන බද්ද සියයට 10 කින් වැඩිකිරීම වැනි ක‍්‍රියා මාර්ගයක් බවයි.

”මේ නිසා, දෙමුහුන් මෝටර් රථවල මිල අනිවාර්යෙන්ම වැඩි වෙනවා. මෙම යෝජනාව මෙම මෝටර් රථවල බද්ද සියයට 10 කින් පමණ වැඩිකිරීමට සමානයි.”
යනුවෙන් ඔහු පැහැදිලි කළා.
මේ අතර, ඔහු සඳහන් කළේ නව බදු යෝජනා අනුව එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට අඩු මෝටර් රථවල මිල අඩුවන බවයි.
මේ අතර, දේශීය වාහන එකලස් කරන සමාගම් විසින් පසුගිය කාලයේදී රජයට නිසි පරිදි බදු ගෙවා නොමැති බවත් එම සමාගම් වලින් නිසි පරිදි බදු අයකර ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

මීට අමතරව, මෙරටට වාහන ආනයන කරන සියළුම සමාගම් වලින් එම සමාගම් ආනයනය කරන්නේ අළුත් වාහනද පරණ වාහනද නොසලකා වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක ගාස්තුවක් අයකරන බව නව රජයේ අතුරු අයවැයේ සඳහන් කර ඇත.

තොරතුරුadaderanabiz.lk

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්